தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
දුම්රිය ගාස්තු ඉහලට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දුම්රිය ගාස්තු ඉහලට



එළඹෙන ජුලි 01 වන දා සිට වැඩිවන බස් ගාස්තුවලට සමාන්තර ප්‍රතිශතයකින් දුම්රිය ගාස්තුවද ඉහල දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පවතින ගාස්තු යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබමින් සිටින බවත්, මේ හේතුවෙන් අදාළ ගාස්තු වැඩි කිරීමට සිදු වන බවත්, ඊට අදාළ යෝජානාව ප්‍රවාහන අමාත්‍යංශයට මේ වන විට ලබා දී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තු සහකාර වාණිජ අධිකාරි එන්. ජේ. ඉදිපොලගේ වැඩි දුරටත් පවසා සිටී.