தமிழ்
English
Contact
Saturday 26th August 2017    
සංක්‍රමණික ගැටලුවට වහාම විසදුමක් ඕනෑ-යුරෝ සංගමය පවසයි « Lanka Views | Views of the truth

සංක්‍රමණික ගැටලුවට වහාම විසදුමක් ඕනෑ-යුරෝ සංගමය පවසයි



යුරෝපා සංගමයේ දෙදින සැසියක් පසුගිය සිකුරාදා බ්‍රසල්ස් නුවරදී නිමාවට පත්විය.

එහිදී මූලිකවම සාකච්ඡාවට ගෙන ඇත්තේ යුරෝපා සංගමයේ රටවල් කරා පැමිණෙන අනවසර සංක්‍රමණිකයින්ගේ ප්‍රශ්නයට විසදුම කුමක්ද යන්නයි.

නීති විරෝධී ලෙස මෙසේ විවිධ මාර්ගයෙන් යුරෝපා සංගමයට ඇතුළුවන පිරිස් අදාල රටවලට නැවත යැවීමේ අවශ්‍යතාවය මෙවර බ්‍රසල්ස්හි පැවැති රැස්වීමේදී වැඩි අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ තත්වය දිගින් දිගටම පැවැතුණහොත් සිය සංගමයේ රටවල්වලට ඇතුළුවීමේ නිත්‍යනුකූල වීසා ලබාදීම සීමා කිරීමට පවා අදාල රටවලට එරෙහිව සිදුවන බව එහිදී අවධාරණය කර ඇතැයි වාර්තාවේ.

මෙවර යුරෝපා සංගමයේ දෙදින රැස්වීමෙන් පසුව බංග්ලාදේශය හා නයිජීරියාව යන දෙරටට මුලින්ම මෙම තත්වයට මුහුණදීමට සිදුවන බව එහිදී  අවධාරණය කර ඇතැයි වාර්තාවේ.




Related News