SAITM පිළිබඳ රජයේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නෑ – ලක්ෂ්මන් කිරිඇල්ල
Posted on 06.26.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
SAITM ආයතනය පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් සිදු කර නොමැති අතර මෙම තීරණ මීට පෙරද රජය විසින් ප්‍රකාශ කර තිබු ඒවා වන බවත්, මේ සම්බන්දව නඩු තීන්දුවක්ද ක්‍රියාත්මක වන බවත් මහා මාර්ග හා උසස් ආධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර සිටි.
ඉදිරියේදී මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පමණක් රජයට පවරා ගන්නා බවත්, SAITM ආයතනය විධිමත් අයුරින් පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත්, එම ආයතනයට සිසුන් බඳවා ගැනීම විශේෂඥ මණ්ඩලයක අධීක්ෂණයට යටත්ව සිදු කරන බවත්, SAITM ආයතනය තනි පුද්ගල අයිතිය වෙනුවට කොටස් වෙළඳපොළට නිරාවරණය කරන බවත් මෙම ක්‍රියාවලියට අදාළ කැබිනට් පත්‍රිකාව හෙට(27) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දෙන ලදි.
ආණ්ඩුව විසින් පුවත්පත් දැන්වීම් හරහා ප්‍රසිද්ධියට පත්කරන ලද තීරණ වලට අමතරව පසුගියදා පැවති වෛද්‍ය වර්ජනයෙන් අනතුරුව රජයේ වෛද්‍ය නිලාධාරීන්ගේ ඉල්ලීම් ලෙස අලුතින් කිසිවක් ලබා දී නොමැති බවත් අදාළ තීරණ කිසිඳු වෙනසකින් තොරව ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන බවත් මෙයින් පැහැදිලි වේ.