தமிழ்
English
Contact
Thursday 7th December 2017    
අවසර පොඩි හාමුදුරුවනේ, මේ ඉදිකිරීමට අවසර ද? « Lanka Views | Views of the truth

අවසර පොඩි හාමුදුරුවනේ, මේ ඉදිකිරීමට අවසර ද?



සාමාන්‍ය නීති රෙගුලාසි තඹයකට මායිම් නොකර ඉදිවන බෞද්ධ මන්දිරයක් කොළඹ ඇත. ඒ කොම්පඤ්ඤ වීදියේ නිපොන් හෝටලයට යාබදව ඉදිකෙරෙමින් පවතින බෞද්ධ මන්දිරයයි. අධි නාගරික සීමාවක් තුළ ඉදිකෙරෙන මේ ඉදිකිරීම ඉදිකිරීම් සම්බන්ධයෙන් පවතින සියලු නීති හා සීමාවන් උල්ලංඝණය කරමින් ඉදිකරමින් ඇතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.

උදේ සවස පොලින් නිලධාරීන් මෙම ස්ථානය ඉදිරියේ රාජකාරි කරන අතර, නාගරික සංවර්ධන අධිකාරියේ, කොළඹ නගර සභාවේ වගකිවයුතු නිලධාරීන් ඇතුළු වගකිව යුතු සියලු නිලධාරීන් මේ ස්ථානය ඉදිරිපිටින් උදේ සවස ගමන් කළ ද මේ සම්බන්ධයෙන් නෑසු කන්ව සිටින්නේ මෙම ස්ථානය සම්බන්ධයෙන් භාරව කටයුතු කරන ස්වාමීන් වහන්සේගේ බලපුළුවන්කාරකම් නිසා බව වාර්තා වේ.

හුණුපිටිය ගංගාරාමයට අනුබද්ධ විහාරස්ථානයක් ලෙස මෙම විහාරස්ථානය පවත්වාගෙන යනු බලන අතර, මෙහි ඉදිකිරීම් ඇතුළු සියලු කටයුතු සම්බන්ධයෙන් හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඥානිස්සර හිමියන් මැදිගත් වන අතර, සියලු කටයුතු සිදු කෙරෙනුයේ ඥානිස්සර හිමියන්ගේ අනුදැනුම මතය.

මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම පදික වේදිකාව ආක්‍රමණය කර ඇත. බිම් මහළ භූමි සීමාවේ ආරම්භ කර ඇතත්, පළමු මහලේ සිට ඉදිකර ඇති අනෙක් සියලුම මහල් පදික වේදිකාවේ අවසාන සීමාව දක්වා යොමු කර ඇත. මුලින් පදික වේදිකාවේ ඉදි කර තිබූ මාර්ග පුවරුව මේ වන විට දක්නට ලැබෙන්නේ විහාර මන්දිරයට තුළය.

පසුගිය කාලයේදී ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ මහින්ද රාජපක්ෂ පාලනය විසින් අනවසර යැයි තර්ජනය කරමින් අසරණ මිනිසුන් සියගණනක් එළවා දමමින් නිවාස කඩා බිඳ දමා සංවර්ධනයේ මුවාවෙන් බිම් අත්පත් කර ගත්තේ මෙම විහාරස්ථානයට නුදුරු සීමාවේය. පසුගිය කාලයේදී ගංවතුර හා නාය යෑම්වලින් හානි වූ හා විශේෂයෙන් මීතොටමුල්ල කුණු කන්දෙන් බැට කෑ ජනතාවගේ ගැටළු වත්මන් රජය විසින් මඟ හැරියේ ‘අනවසර‘ යැයි කියමිනි.

නමුත් මෙවැනි ඉදිකිරීම්වලට එකී අනවසර අණපනත් කිසිවක් බලනොපාන්නේ මහින්දගේ තුරුල්ලෙන් පැන ආ “පොඩි සාදු“  දැන් ‘හාමු‘ගේ තුරුල්ලේ සැතපෙන නිසාද?

– සටහන සහ සේයා රූ – අවන්ත ඉඩමේගම




Related News