ඊජිප්තුවේ දුපත් දෙකක් සෞදි අරාබියට
Posted on 06.26.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
මතභේදයට ලක්ව ඇති ඊජිප්තුවට දුපත් දෙකක් සෞදි අරාබියට භාරදීමට ඊජිප්තු පාර්ලිමේන්තුව අනුමත කරයි.
ඊජිප්තු ජනාධිපතිවරයා විසින් අනුමත කිරීමෙන් පසුව සෞදි ආරබියට පවරාදීමට නියමිතව ඇති ටිරාන් සහ සනපීර් යන දූපත් දෙක රතු මුහුදේ ඉතා උපාය මාර්ගික වැදගත් කමකින් යුතු ස්ථානයක් දෙකක් ලෙස සැලකේ. මෙම දූපත් දෙක ලබා ගැනීමේ අරමුණෙන් සෞදි රජය ඊජිප්තුවට විශාල ණය මුදලක් පසුගිය කාලය තුල ලබාදී තිබුනි.
නමුත් ඊජිප්තු විපක්ෂය හා නීතිඥයින් විසින් එරට අධිකරණයට මෙම මතභේදයට ලක්ව ඇති නඩුව ගෙන යන ලදී. අවස්ථා කිහිපයක විවිධ මතවාද සමග ගැටී අවසානයේදී එරට ව්‍යවස්ථා අධිකරණය විසින් ජනාධිපතිවරයාට එම පැවරීම කිරීමට හැකි බවට වන තීන්දුවක් ඊයේ ලබාදී ඇත.
මේ හේතුවෙන් මෙතෙක් ප්‍රමාදව පැවැති මෙම දූපත් දෙක සෞදි රජය වෙත ලබාදීමේ ගැටලුව නිමාවට පත්ව ඇත.
පසුගිය කාලයේ ඩොලර් බිලියන 23ක පමණ ණය මුදලක් ඊජිප්තුව වෙත ලබාදීමට සෞදි රජය කටයුතු කර තිබුනේ මෙම දූපත් ගණුදෙනුව හැකි ඉක්මණින් අවසන් කිරීමේ අටියෙනි. නමුත් වත්මන් ඊජිප්තු පාලනයට එරෙහිව ජනතාවගේ විරෝධය පළවිය.
මේ තත්වය හමුවේ සෞදි පාලකයන් කළේ තම රට විසින් ඊජිප්තුවට ලබාදෙන ඉන්දන සහනය හා අනෙකුත් ආධාර නවතා දමන බවට බලපෑම් කිරීමයි
Related News