தமிழ்
English
Contact
Sunday 17th December 2017    
බවුසරය ගිනිගැනීමෙන් පංජාබ් වැසියන් 150කට ආසන්නව මියයයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බවුසරය ගිනිගැනීමෙන් පංජාබ් වැසියන් 150කට ආසන්නව මියයයි



ඊයේ උදෑසන පාකිස්ථානයේ නැගෙනහිර පංජාබ් ප්‍රාන්තයේ ඉන්දන ගෙනයන බවුසරයක් පෙරලීමෙන් පසු ගිනි ගෙන පිපිරීමෙන් පුද්ගලයෝ 150කට ආසන්න පිරිසක් මියගොස් තවත් 100කට අධික පිරිසක් පිලිස්සුම් තුවාල ලබා ඇතැයි වාර්තාවේ.

ඉන්දන රැගෙන යන බවුසරය පෙරලීමෙන් පසුව ඇතිවූ තෙල් කාන්දුවකින් ඉන්දන ලබාගැනීමට එක්රැස්වූ යතුරුපැදි කරුවන් ඇතුළු තවත් පිරිසක් මෙම අනතුර හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම බවුසරය අසලට පැමිණි යතුරුපැදි 75කට අධික ප්‍රමාණයක් හා තවත් වාහන 07ක් සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බව වාර්තාවේ.

තුවාල සිදුව ඇති පිරිස අතරින් තවත් 31 දෙනෙකුගේ තත්වය ඉතා අවදානම් බව රෝහල් ආරංචි මාර්ග පවසන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.




Related News