පර්සියානු ගල්ෆ් කලාපයට පැමිණි අමෙරිකා එක්සත් ජනපද යුද නැවකට සහ ප‍්‍රහාරක ජෙට් යානයකට වහාම ඉවත්වන ලෙස ඉරාන නාවික හමුදාව පසුගිය 27වැනිදා දන්වා තිබේ.
ගල්ෆ් කලාපයට ඇතුළුවන හෝමුස් සමුද්‍ර සන්ධිය අසළ රැඳී සිටි USS Monterey නමැති මිසයිල සහිත යුද යාත‍්‍රාවට මෙසේ ඉවත්වන ලෙස දන්වා ඇත්තේ ඉරාන මුහුදු සීමාවේ සිදුවන යුද අභ්‍යාසයක් හේතුවෙනි. පසුගිය බදාදා ඇරඹි මෙම යුද අභ්‍යාසය අතරතුර එක්සත් ජනපද යුද නැව හා ප‍්‍රහාරක යානය එම ප‍්‍රදේශයට පැමිණ ඇති බැවින් අනතුරු ඇඟවීම් කළ බව ඉරාන නාවික හමුදාව පවසයි. දෙවරක් කළ අනතුරු ඇඟවීමෙන් පසුව එක්සත් ජනපද යාත‍්‍රාව සහ යානය ඉවත් වූ බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ. ඉරාන නාවික හමුදාපති හබිබොල්ලා සයිරි ප‍්‍රකාශ කළේ සාගර සීමා යානයකින් හා යුද නෞකාවක අනතුරු ඇඟවීමෙන් පසුව එක්සත් ජනපද යානය සහ යුද නැව ඉක්මණින් එම ප‍්‍රදේශය හැර ගිය බවයි. ඔවුන් එහි පැමිනියේ තම යුද උපක‍්‍රම අධ්‍යයනයට බව ද ඉරාන නාවික හමුදාපතිවරයා චෝදනා කර තිබිණි.
මෙම යුද අභ්‍යාසය සිදු වූයේ මෑතකදී එක්සත් ජනපද නාවිකයන් 10 දෙනකු ඉරාන මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුවය