අතුරුදහන් වූ මාධයවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ නඩුව අද (25) හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේදී විභාග වෙමින් පැවැති අවස්ථාවේදී ප්‍රගීත්ගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තරජනය කිරීම හා අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද පොලිසියට නියෝග කළේය.
ප්‍රගීත් එක්නැලිගොඩගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරුන් නඩුව අවසානයේ අධිකරණයෙන් එළියට පැමිණි අවස්තාවේදී ඥානසාර හිමියන්ගේ මෙම බැනවැදීම නිසා නැවත අධිකරණයට ගොස් මහේස්ත්‍රාත්වරයා හමුවේ පෙනී සිට මෙම සිදුවීම සම්බන්දයෙන් පැමිණිලි කර ඇත. ඒ අවස්ථාවේදී නීතිවරුන් මහේස්ත්‍රාත්වරයාට කරුණු දක්වමින් පවසා ඇත්තේ විවෘත අධිකරණයේදී අධිකරණයට ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කළ බවත්, විත්තිකාර පාර්ශවයේ සන්ධ්‍යා එක්නැලිගොඩට බැන වැදීමෙන් පසු ඥානසාර හිමියන් අධිකරණයෙන් පිටව ගිය බවත්ය.
ලබන 9 වැනිදාට නඩුව කල් තැබිණි.