උපාධිධාරීන් නැවතත් සත්‍යග්‍රහයේ

kandy caug

පසුගිය 09 වැනිදා සිට රැකියා විරහිත ඒකාබද්ධ උපාධිධාරීන්ගේ සංගමය විසින් මහනුවර ටොරින්ටන් චතුරශ්‍රය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත. ඔවුන්ගේ ඉල්ලීම වනුයේ සියලු උපාධිධාරීන්ට විදිමත් රැකියා ලබාගැනීම, වාර්ෂිකව රැකියා ලබාදෙන ජාතික ප්‍රතිපත්තියක් සැකසීම, සියලු පළාත් සහ ජාතික පාසල්වල පවතින විසි දහසක් පමණ වන ගුරු පුරප්පාඩු සදහා බදවා ගැනීම යන මූලික ඉල්ලීම්ය. ඉදිරියේදී මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය කෑගල්ල හා මාතර යන නගරවලත් පැවැත්වීමට කටයුතු කරන බව එම සංගමය අවධාරණය කරයි.

“රාජ්‍ය අංශයේ තිස්දහස් හාරසීයක පමණ වන පුරප්පාඩු පවතින නමුත් උපාධිධාරීන් බදවා ගැනීමේ නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නැහැ, ඒ වෙනුවට බලධාරීන් මාධ්‍ය වෙත රැකියා ලබාදෙ බවට වන බොරු ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා. ඒ නිසා අපි රට පුරා මේ මාසය තුල විරෝධතා පවත්වන්නත්, ඉල්ලීම් නොළැඹුනොත් පෙබරවාරි මස මුල කොළඹදී අඛණ්ඩ විරෝධතාවයක් පවත්වන්නත් තීරණය කරලා තියෙනවා“ යැයි මේ පිළිබදව අප කළ විමසීමකදී එම කැදවුම්කරු ධම්මික මුණසිංහ පැවසීය.