උපාධිධාරීන්ට රැකියා ඉල්ලා විරෝධතා අඛණ්ඩව

jaffna1

සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස බල කරමින් ඊයේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලද, පසුගිය  28 දින මඩකලපුව නගරයේ විරෝධතාවයක් පවත්වන ලදී. විරෝධතාකරුවන් පසුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් ගොස් සහකාර දිස්ත‍්‍රික් ලේකම්තුමාට සන්දේශයක් බාර දෙන ලදි. රැකියා විරහිත උපාධිධාරීන් මේ වන විට දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් අරගලයකට අවතීරණය වී ඇත. මේ යටතේ මහනුවර, මාතර යන නගරවල අඛණ්ඩ විරෝධතා කි‍්‍රයාත්මක වන අතර අනකුත් දිස්ත‍්‍රික්කවල උද්ඝෝෂණ, දැනුවත්කිරීම් ආදී විිවිධ ආකාරයෙන් විරෝධතා සංවිධානය කරමින් සිටී. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ ධම්මික මුණසිංහ පවසා සිටියේ ඉදිරියේදී මේ සියලූ දෙනා එක්ව කොළඹදී දැවැන්ත විරෝධතාවකට සූදානම් බවයි.