උතුරු නැෙඟනහිර අවතැන්වූවන්ට ලබා දෙන නිවාසයක වටිනාකම මිලියන දෙකක් යැයි පැවැසීම ප‍්‍රශ්නකාරී බව එහි ජීවත් වන ජනතාව පවසයි. මෙහිදී විවාදයට තුඩුදී ඇත්තේ මේ සඳහා ටෙන්ඩර් ලබා දීමේදී අනුගමනය කර ඇති අධිවේගී ක‍්‍රමවේදයයි. මෙහිදී ඔවුන් ඉදිකරන නිවාස ගැන ප‍්‍රශ්න කිරීමට අවතැන්වූවන්ට කිසිදු අයිතියක් නොමැති අතර පෞද්ගලික අවශ්‍යතා මත මෙම නිවාස වෙනස් කිරීමට ඇති ඉඩ කඩද ඉතා සීමිත බවට ඔවුහු මැසිවිලි නඟති. මෙහිදී ඔවුන් පවසන්නේ මෙකී නිවාසවල මිලට නිවසට ලබා දෙන ගෘහ උපකරණ මිලත් ඇතුළත් කර ඇති බවයි. මෙහි ඇස්තමේන්තුව ගැන ප‍්‍රශ්න ඇතුවා මෙන්ම එය අනකුත් සියලූ ව්‍යාපෘතිවලට වඩා මිල අධික බව සිවිල් සමාජ සමූහක් විසින්ද ප‍්‍රකාශ කර තිබුණි. කෙසේ නමුත් මෙසේ අදාළ නිවාස සඳහා ටෙන්ඩර් ලබා දීමේදී ක‍්‍රියාත්මකවූ අධිවේගී ක‍්‍රියාවලිය පිළිබඳ චෝදනා අදාළ විශය භාර ඇමැතිවරයා ප‍්‍රතික්ෂේප කර තිබූ අතර ඔහු පවසා ඇත්තේ ලෝකයේ හොඳම නිවාස ඔවුන්ට ලැබෙනු ඇති බවයි. මේ බව අනාවරණය වූයේ කතිකා වෙබ් පිටුවේ නාමිනී විජේදාස විසින් පළ කර තිබූ ලිපියකිනි.