සම්මානනීය ඉරාන සිනමාකරු අබ්බාස් කියරොස්තාමි පිලිකාවක් නිසා පැරිසියේ රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී ඊයේ සුවහසක් සිනමා රසික සහෘද කැලගෙන් සමුගෙන තිබේ.
වයස 76දී මියගිය මෙම අග්‍රගන්‍ය සිනමාකරුවා 1997දී කාන් සිනමා උළෙලේදී සිය Taste of Cherry චිත්‍රපටයට විශිෂ්ටම කෘතියේ සම්මානය හිමිකර ගනිමින් ලෝකයේ අවධානයට පාත්‍ර විය. 1979 ඉරාන විප්ලවයෙන් අනතුරුව රටින් බැහැර නොවී සිටි කියරොස්තාමි ස්වීය විශිෂ්ඨතාවයක් සහිතව ලෝක සිනමාවට බලපෑම් සහගත ලෙස දායකත්වය දෙමින් සිනමා කෘති 40ක් පමණ නිර්මාණය කළේය. ඔහුගේ අවසාන චිත්‍රපට දෙකම ඉරානයෙන් බැහැරව නිර්මාණය කිරීමද අවධානයට ලක් වූ තත්වයකි.
සුප්‍රකට ප්‍රංශ-ස්විස් සිනමාකරු ජීන් ලුක්-ගොඩාඩ් වරක් ආන්දෝලනාත්මක ලෙස පැවසුවේ සිනමාව ඩී.ඩබ්. ග්‍රිෆිත්ගෙන් ඇරඹී කියරොස්තාමිගෙන් අවසන් වූ බවයි.