ඉගිනියාගල පාසලක දෙමාපියන් බදුල්ල පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයක

ඉගිනියාගල ඩී.එස්. සේනානායක විදුහලේ දෙමාපියන් අද දින පළාත්සභාව ඉදිරිපිට විරෝධතාවක යෙදුණහ.

කිලෝමීටර 150ක් දුර ගෙවා දමමින් බදුල්ල පළාත් සභා සංකීර්ණයට ඊයේ දින(24) පෙර දැනුම් දීමකින් තොරව ඔවුන් පැමිණ තිබේ. අදාළ පාසලට පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පත් කර ඇති විදුහල්පතිවරයා මෙතෙක් වැඩ භාර ගෙන නොමැති බව ඔවුන් චෝදනා කරයි. තවද අදාළ පාසලේ පලමුවැනි සහ තුන්වැනි ශ්‍රේණිවලට ගුරුවරුන් නොමැති බව ද ඔවුන් පෙන්වා දෙන ලදී. මෙම අවස්ථාවේ දෙපාපියන් විසින් බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කරන ලදී. පසුව ඔහු ලබා දුන් පොරොන්දු මත දෙමාපියන් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

 

 

Leave a Reply