தமிழ்
English
Contact
Sunday 8th October 2017    
SAITM අහෝසි කරනතුරු මේ අරගලය අඛණ්ඩව ගෙනයනවා – රයන් ජයලත් « Lanka Views | Views of the truth

SAITM අහෝසි කරනතුරු මේ අරගලය අඛණ්ඩව ගෙනයනවා – රයන් ජයලත්



ආණ්ඩුව මේ රටේ මිනිස්සුන්ගේ මල කඳන් උඩින් හෝ SAITM ආයතනය ආරක්ෂා කිරීමට පෙළ ගැසී සිටිනවා.

SAITM හොර උපාධි කඩය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් අද දින(24) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියන් එක්වී පවත්වන ලද විරෝධතා පා ගමනට ආණ්ඩුව, පොලිසිය යොදවා පහර දීම පිළිබඳ අදහස් දක්වමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් මෙලෙස අදහස් දක්වන ලදි.

සාකච්ඡා වට කිහිපයක් ආණ්ඩුවේ වගකිව යුතු නිලධාරීන් සමඟ මෙන්ම ජනාධිපතිවරයා සමගද පවත්වා ඇති බවත් එහිදී ජනදිපතිවරයා සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර පිළිතුරු ලබා දෙන බව පවසා සියළු බලවේග SAITM හොර උපාධි කඩය අහෝසි කරන මේන් ඉල්ලා සිටිද්දී, නෙවිල් ප්‍රනාන්දුගේ වුවමනවාන්ට අනුව යමින් ව්‍යාජ විසදුම් ලබා දී ඇති බව ඔහු පෙන්වා දෙයි.

SATIM අහෝසි කරන ලෙස ඉල්ලමින් සිටින ශිෂ්‍යන්ගෙන් පමණක් නොනැවතී අද වනවිට SAITM එරෙහි අනෙකුත් බලවේග සහ මේ වන විට දෙමාපියන්ටද පහර දෙන තැනකට වර්තමාන ආණ්ඩුව පැමිණ තිබෙන බවත් මෙවැනි පහරදීම් වලින් අධ්‍යාපනය, සෞඛ්‍ය වෙළඳ භාණ්ඩ කිරීමේ ආණ්ඩුවේ වුවමනාව ඉටු කර ගැනීමට කිසිසෙත් ඉඩ නොදෙන බවත් ඒ තුලින් මෙම සටන තවත් ශක්ත්වමත් වන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන ලදි.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රීයාකාරී කමිටුවේ කැදවුම් කරු රයන් ජයලත් අදහස් දක්වමින්