தமிழ்
English
Contact
Thursday 5th April 2018    
වැඩ පටන් ගත්තෙම රාජ්‍ය මාධ්‍ය වෙත බලපෑම් කිරීමෙන් - නව ජනමාධ්‍ය ඇමතිට චෝදනාවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වැඩ පටන් ගත්තෙම රාජ්‍ය මාධ්‍ය වෙත බලපෑම් කිරීමෙන් – නව ජනමාධ්‍ය ඇමතිට චෝදනාවක්



තම වැඩ භාරගැනීමටත් පෙර රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානින්ට ඉවත්වන ලෙස බලපෑම් කළ බවට මංගල සමරවීර නව ජනමාධ්‍ය ඇමැතිවරයාට චෝදනා එල්ල වී ඇත.

ස්වාධීන රූපවාහිනියේ අධ්‍යක්ෂ මන්ඩලය ඉල්ලා අස්වීම පසුපස ඇත්තේ එම බලපෑම බවටත් ලේක්හවුස් ආයතනයටද එවැනි බලපෑම් එල්ල වූ බවටත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කතාබහක් ඇතිව තිබේ. මේ අතර මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයට පත් වීම ජනමාධ්‍යවේදින් සසල කරවන්නට සමත් කරුනක් බවටද ඇතැම් ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදිහු කරුනු දක්වති. චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය තුළ ඔහු ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු තරන කාලයේ මැරයන් යොදවා ජනමාධ්‍යවේදින්ට පහරදී කැමරා කුඩු කළ බවටද ඔවුහු පෙන්වා දෙති. ඒ පිළිබද කිසිදු පරික්ෂනයක් සිදුකර නැති අතර ජනමාධ්‍ය ඇමති ලෙස වැඩ බාරගන්නා මංගල සමරවීරට රාජපක්ෂ පාලනයේ මෙන්ම ඉන් පෙර ජනමාධ්‍ය මර්දනය පිලිබද පරික්ෂන සිදුකර අගතියට පත් පාර්ශ්වවලට යුක්තිය ඉටු කිරිමෙන් පමනක් බවද ඔවුහු පෙන්වා දෙති.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් වූ මංගල සමරවීර අද (25) පෙරවරුවේ මුදල් අමාත්‍යංශයට පැමිණ කිසිදු උත්සවකාරී අවස්ථාවකින් තොරව සිය රාජකාරි ආරම්භ කළේය.

මේ අතර ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති හිටපු ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක පවසන්නේ මාධ්‍යවල ප්‍රචාරය වන ආකාරයට තමන් කිසිදු ආකාරයක තනතුරු ඉල්ලා නොමැති බවයි. එසේම කිසිදු ලෙසකින් ජනමාධ්‍යයට බලපෑමක් නොකර මාධ්‍ය නිදහස තහවුරු කිරීමට ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවද ඔහු පවසයි. අද (25) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහෙත් ඔහු ජනමාධ්‍ය ඇමැතිකම් කළ අවධිය ගැන ඇත්ත නැත්තද ඔහුට ජනමාධ්‍ය ඇමැතිකම අහිමි වූ පසුව සාකච්ඡාවට ලක් විය. බොහෝ ජනමාධ්‍ය ක්‍රියාකාරකියන් පවසන්නේ ගයන්ත කරුනානායක මාධ්‍ය ඇමැතිගේ ප්‍රගති වාර්තාව හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියකුට ගුටිකෑමට සිදුවීම හා එහි පැමිනිල්ල ඉල්ලා අස්කරගන්නට සිදුවීම දක්වා සිදුවීම්වලින් මැනගත හැකි බවයි.




Related News