සාධනීය විසදුම් නොලැබුණොත් දැනුම් දීමකින් තොරව වර්ජනයකට යනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
Posted on 05.24.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
SAITM ආයතනය සම්බන්ධව ආණ්ඩුවෙන් සාධනීය විසදුමක් නොලැබුණහොත් පෙර දැනුම්දීමකින් තොරවම වැඩ වර්ජනයක් කැදවීමට සිය සංගමය තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.
පෙරේදා(22) පැවති මධ්‍යම කාරක සභා රැස්වීමකදී මෙම තීරණය ගත් බව එම සංගමය පවසයි. ආණ්ඩුව දිගින් දිගටම ව්‍යාජ විසදුම් ලබා දීම හේතුවෙන් සිය සංගමය ගනු ලබන වෘත්තීය ක්‍රීයාමාර්ග ක්‍රමානුකූලව වැඩි කිරීමටත් ඒ සම්බන්ධ බලය විධායක කමිටුවට ලබා දුන් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පවසයි.
Related News