රුසියානු තානාපති නිලධාරීන් දෙදෙනෙකු ඊයේ එස්තෝනියාවෙන් පිටවී යන ලෙස එරට බලධාරීන් විසින් නියෝගකර ඇතැයි වාර්තාවේ.
නේටෝ සංවිධානයේ සාමාජික රටක් වන එස්තෝනියාව විසින් සිය රටේ සිටින රුසියානු තානාපති සේවයේ නියුත් නිළධාරීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු හෙළිකර නොමැති බව වාර්තාවේ.
රුසියානු විදෙස් කටයුත් අමාත්‍යාංශයෙන් මේ පිළිබදව පවසා ඇත්තේ සිය කාර්යය මණ්ඩල නිළධාරීන් දෙනෙකෙුට වහා එස්තෝනියාවෙන් පිටවී යන ලෙස දන්වා ඇති බව සත්‍ය බවයි. නමුත් ඒ පිළිබදව වැඩිදුර තොරතුරු හෙළි කර නොමත.
මීට පෙර ඔබමා පරිපාලනය විසින් රුසියානු තානාපති නිලධාරීන් 35 දෙනෙකු ඔත්තු බැලීමේ චෝදනා එල්ලකොට එක්සත් ජනපදයෙන් නෙරපා හැරිමට කටයුතු කළේය.