தமிழ்
English
Contact
Sunday 8th October 2017    
කොළඹ ඇස්වාට්ටුවේ අක්ෂි සැත්කම් නතරවීමේ අවදානමක් « Lanka Views | Views of the truth

කොළඹ ඇස්වාට්ටුවේ අක්ෂි සැත්කම් නතරවීමේ අවදානමක්



ජාතික රෝහලේ කීර්තිමත් අක්ෂි ශල්‍ය වෛද්‍ය ඒකකයේ අක්ෂි ශල්‍යකර්ම නතරවීමේ අවදානම් සහගත තත්වයක් උද්ගත වෙමින් පවතින බව වාර්තා වේ.

මෙලෙස අදාළ ශල්‍යකර්ම නතර වීමේ අවදානමකට ලක්ව ඇත්තේ ශල්‍යකර්මවලට අදාළ අක්ෂිකාච සැපයුම් ප්‍රශ්නයක් හේතුවෙනි. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මිලදී ගෙන ඇති අක්ෂි කාචවලට අදාළ රුපියල් මිලියන 18ක ගෙවීමක් පැහැර හැරීම හේතුවෙන් අදාළ සැපයුම්කාර සමගම මේ වන විට අක්ෂි කාච ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත. මෙම තත්වය ඉදිරියේ නොබෝ දිනකින් අක්ෂි ශල්‍යකර්ම බොහොමයක් නවතා දැමීමට සිදුවන බව ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. තත්වය එසේ තිබියදී  මෙම ගනුදෙනුවට මිලියන 18ක් වියදම් වී ඇත්තේ ඇයිද යන්න පිළිබඳවත් මේ වන විට ගැටළුවක් මතු වී ඇත.




Related News