ඛනිජ තෙල් වෘත්තීය සමිති තීරණාත්මක සාකච්ඡාව හෙට
Posted on 05.25.2017 by Madanayaka in දේශීය පුවත් with 0 Comments
හෙට දිනයේ (26) අග්‍රාමාත්‍යවරයා සමඟ පවත්වන සාකච්ඡාවෙන් පසු සිය වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධව අවසන් තීරණයකට එළඹෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා නොදීම, හම්බන්තොට වාරය තෙල් ටැංකි ඛනිජ තෙල් සංස්ථාවට පවරා ගැනීම, සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම යන ඉල්ලීම් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවදානයක් හිමිවන බව එම වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශ කරන ලදී.
Related News