ඇඹිලිපිටිය ඝාතන සටහන් එළියට – සැකකාර පොලිසිය තවම නිදැල්ලේ

4e23c8fec60c210426638b252b356ae1_L

ඇඹිලිපිටියේ පසුගියදා පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් සුමිත් නමැති තරුණයෙකු මිය ගිය අතර, අදාල මරණය ඝාතනයක් බවට ඔප්පු කළ හැකි සාක්ෂි තිබියදී සැකකාර පොලිස් නිලධාරීන් තවමත් නිදැල්ලේ පසුවන බවට සිවිල් ක්‍රියාකාරීහු චෝදනා කරති. අද කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔවුහු එම එම චෝදනාව එල්ල කළහ. මරදාන සී.එස්.ආර්. ශාලාවේ පැවැති මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා නීතීඥ ලක්ෂාන් ඩයස්, නීතිඥ අදුල් ප්‍රේමරත්න ඇතුළු සිවින් සංවිධාන නියෝජිතයින් කිහිපදෙනෙක් සහභාගී වී සිටියහ.

මෙහිදී අදහස් දක්වමින් ඔවුන් පැවසුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස්පතිට ලබා දුන් වාර්තාවේ පොලිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සුමුත් මිය ගිය බව පැහැදිලිව සදහන්ව ඇති බවත්, පොලිසිය සත්‍ය තත්වය විකාති කර ඇති බව ඔප්පු වී ඇති බවත්, පොලිසිය මේ ඝාතනයට සම්බන්ධ බවට සාක්කි ලැබෙද්දි පොලිසිය විමර්ශන රහස් පොලිසියට පැවරීම සැකකටයුතු බවයි.

කෙසේ වෙතත් රජය මේ සම්බන්ධයෙන් වහා ප්‍රකාශයක් කළ යුතු බව ද ඔවුහු අවධාරණය කළහ.