ලබන ජුනි මාසයේදී අත්සන් කිරීමට නියමිත ඉන්දියානු ශ්රී ලංකා වෙළෙඳ ගිවිසුම යටතේ තොරතුරු තාක්ෂණය සහ නැව් තැනීම යන ක්ෂේත්ර සඳහා නිදහස් ශ්රම සංචරණය සඳහා ඇති බාධා ලිහිල් කරන බව ආණ්ඩුව ප්රකාශ කරයි. සංවර්ධන උපායමාර්ග හා ජාත්යන්තර වෙළෙඳාම පිළිබඳ ඇමැති මලික් සමරවික්රම පසුගියදා මාධ්ය හමුවකදී මේ පිළිබඳ අදහස් දක්වද්දී ඉන්දියාව වැනි තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ දැවැන්තයෙක් සමඟ මෙවැනි ගිවිසුමකට යාමෙන් ලංකාවට අවාසි වන්නේ නැද්දැයි විමසූ විට එහි සිටි සුජීව සේනසිංහ ඇමැතිවරයා ප්රකාශ කර සිටියේ ගිවිසුම්වලින් වාසි පමණක් අත්නොවන බවයි.
සීපා ගිවිසුම පිළිබඳ පසුගිය කාලයේ විශාල සාකච්ඡාවක් නිර්මාණය වූ අතර වෛද්ය ක්ෂේත්රය මේ ගිවිසුමට අදාළ නොවන බව ආණ්ඩුව ප්රකාශ කර ඇත. නමුත් නව යෝජනාව නිසා මේ වන විට ඉන්ජිනේරු ක්ෂේත්රයේ විරෝධතා වැඞීගෙන එන බව වාර්තා වේ.
කෙසේ වෙතත් ලංකාව වැනි රටක් මෙබදු ගිවිසුම්වලට මීට පෙරත් එළැඹි නමුත් එම සියලු අවස්ථාවන්හිදී අදාල ගිවිසුමේ ලාභය කෙසේ වෙතත් පාඩුව ශ්රී ලංකාවට දැරීමට සිදු වූ අතර, එම පාඩුව ද සමස්ත ජනතාව අතර බෙදී යාමෙන් ජනතාවට දැවැන්ත අර්බුධයක් ගොඩ නැගුණි. හෙජින් ගිවිසුම මෙවැනි ගිවිසුම්වලින් එක් ගිවිසුමක් පමණක් වන අතර, ඉන්දියාව සමග එළැඹීමට නියමිත මෙම ගිවිසුම් ද මෙවැනිම ගිවිසුම් බවට පත් වේද යන්න සැක සහිත බව ක්ෂේත්රෙය් කතාබහට ලක්ව ඇත.
අදාල කරුණු දැක්වීමේ අවස්ථාවේදී සුජීව සේනසිංහ අමාත්යවරයාගේ අදහස් දැක්වීම මෙහි පෙර නිමිතිද යන්න අවධානයට ලක් කළ යුතු කරුණකි.