“අය-වැය මර උගුල ජන සටනින් පරදවමු“ යන තේමාව යටතේ පවත්වනු ලබන උද්ඝේෂණය පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (24) සවස 4.00ට පැවැත්වෙන බව එම පක්ෂය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
“මූල්‍ය ක්ෂේත්‍රය මුළුමනින්ම ගෝලීය ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් විවෘත කරන, රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප අහෝසි කරන, පුද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් ජාවාරම්කාරයන්ට බිලිදෙන, කොන්ත්‍රාත් වහල් ක්‍රමය තවත් පුළුල් කරන, ගොවීන්ගේ පොහොර සහනාධාරය අහිමි කර සහතික මිල කප්පාදු කරන, අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කරන, විනාශකාරී අයවැය යෝජනා පරදවමු! ජනතා අයිතීන්ට අත තබන්නට පාලකයන්ට ඉඩ නොදෙමු!