ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් අද දින විශ‍්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව කොළඹදී විරෝධතාවයක් පවත්වන බව එම සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ පවසයි.
“අයවැයෙන් යෝජනා කර තිබෙන 2016 වසරේ සිට රාජ්‍ය අංශයට බඳවාගන්නා සියලු රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප කප්පාදුවට එරෙහිව මෙම විරොධතාවය සංවිධානය කරන බව“ ධම්මික මුණසිංහ මේ පිළිබදව අප කළ විමසීමේදී පැවසීය.


