අභියාචනාධිකරණය පෝට් සිටි ව්‍යාපෘති ගිවිසුමේ පිටපතක් ඉල්ලයි

Court

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අත්සන් කළ ගිවිසුමේ පිටපතක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ. අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලූ පෙත්සම අද (25) කැදවූ අවස්ථාවේදීය. අභියාචනාධිකරණ මෙම පෙත්සම සලකා බැලීමට තීරණය කර ඇත.

පෙත්සම අද කැඳවු අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා පෙන්වා දී ඇත්තේ එම ව්‍යපෘතියට අදාළ පාරිසරික ඇගයීමේ වාර්තාවේ අඩුපාඩු රැසක් පවතින බවයි. එහිදී විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයක් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සඳහන් කළේ පෙත්සම්කාර පාර්ශවය ඉල්ලා සිටි පරිදි රජය නව පාරිසරික ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවය.

සෑම දෙයකටම විරුද්ධවීම යුක්ති සහගත නොවන බව සඳහන් කළ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ තම පුද්ගලික මතය අනුව එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමෙන් ඵලක් නොමැති බවයි.

මාර්තු 16 වැනිදා පෙත්සම යලි කැඳවීමට නියමිතය.