රජය මගින් සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කිරීම රජය මගින් පත් කිරීමට යෝජිත අධීක්ෂණ මන්ත්‍රීන් වෙත පැවරීමට රජය තීරණය කර ඇති බවත්, මෙම ක්‍රියාවලිය වෙනුවෙන් එම අධීක්ෂණ මන්ත්‍රීන් වෙත අංගසම්පූර්ණ පහසුකම් සැපයීමටත් තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ වන විට වත්මන් රජය මගින් සංවර්ධන ව්‍යාපෘති 36,000ක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති අතර, එම ව්‍යාපෘති අතරින් රුපියල් මිලියනය දක්වා වූ ව්‍යාපෘති 21,000ක් ද, විමධ්‍යගත ප්රතිපාදනය මගින් සිදු කෙරෙන්නා වූ ව්‍යාපෘති 15,000 ක් වේ. මෙම ව්‍යාපෘති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සිදු කෙරන අතර, එහි අධීක්ෂණය පත් කිරීමට නියමිත අධීක්ෂණ මන්ත්‍රීන් වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත.
අධීක්ෂණ මන්ත්‍රීන් විසින් මෙම අධීක්ෂණ්ය සිදු කිරීම වෙනුවෙන් සිය මැතිවරණ කොට්ඨාශය තුළ සියලු පහසුකම්වලින් සපිරි කාර්යාලයක් ලබා දෙනු ලබන අතර, සිද්ත්රික්කය පුරා ගමන් කිරීමට රජයේ නිල වාහනයක් හා ඉන්ධන ද ලබා දීමට තීරණය වී ඇත.
කෙසේ වෙතත් මෙම සියලු පහසුකම් අදාල අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට සැපයෙනුයේ මෙතෙක් මන්ත්‍රී වරප්‍රසාද ලෙස ලබා දී ඇති සියලු පහසුකම්වලට අමතරව වීම මෙහි සුවිශේෂීත්වයයි.