අදත් දුම්රිය වර්ජනයේ

railway 2

දුම්රිය රියදුරකුට ඊයේ රාගම දුම්රිය ස්ථානයේදී මගින් පිරිසක් විසින් පහරදීම හේතුවෙන් ඊයේ සවස සිට දිවයින පුරා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 20කට වැඩි ප‍්‍රමාණයක් සිය ධාවන කටයුතුවල යෙදවීමට නොහැකිව තිබුනි.

ඊයේ රාගම දුම්රිය ස්ථානයේදී මගීන් විසින් දුම්රිය රියදුරකුට කළ පහරදීමක් ගැන දුම්රිය රියදුරන් විසින් මෙම හදිසි වැඩ වර්ජනය කැදවා ඇත. කෙසේ වෙතත් මේ වන විට දුම්රිධානවය යථා තත්වයට පත්කර ගැනීමට දුම්රිය බලධාරීන් විසින් දුම්රිය රියදුරු නියෝජිතයන් හා වෘත්තීය සමිති නියෝජතයින් සමග පැවැත්වූ සාකච්ඡාවලින් පසුව නැවත සිය වැඩ කටයුතු සදහා යොමුවීමට දුම්රිය රියදුරන් එකගවී තිබෙන බව වාර්තාවේ.

මේ හේතුවෙන් අද පෙරවරුවේ පැවැති දුම්රිය වර්ජණය අවසන් වීමට නියමිත බව වාර්තාවේ. ඊයේ මෙම පහරදීම හේතුවෙන් පසුව දිවයින පුරා දුම්රිය 20කට වැඩි ප්‍රමාණයක් ධාවන කටයුතු ඇණහිට හිටීම නිසා දහස් ගණනක් වන දුම්රිය මගීන්ට දැඩි අපහසු තත්වයක් නිර්මාණය වී තිබුනි.