අතුරුදන් වූවන් සොයා දෙන්නැයි යාපනයේ විරෝධතාවයක්

14741254412

පසුගිය යුධ සමයේදී අතුරුදහන් වූවන් සොයා දීම ඇතුළු කරුණු තුනක් මුල් කර ගනිමින් අතුරුදහන් වූවන්ගේ ඤාතීහු අද යාපනය බස් නැවතුම්පොල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වී ඇත. අතුරුදන්වූවන් සොයාදීම, දේශපාලන  සිරකරුවන් නිදහස් කිරීම සහ ත්‍රස්තවාදය සම්බන්ධ නීති ඉවත් කිරීම යන්න ඔවුන්ගේ ඉල්ලීම් තුනයි.

අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සකස් කරන ලේඛනවල විස්තර නොමැති පුද්ගලයින් මියගොස් ඇති බවට සිදුකරන ප්‍රකාශ තමන් විශ්වාස නොකරන බවත්, අතුරුදන් වූ පුද්ගලයින් සොයාදීමට  රජය කටයුතු කළ යුතු අතර දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ද කඩිනමින් සිදුකළ යුතු බව විරෝධතාකරුවෝ අවධාරණය කළහ.