යතුරු පැදිකරුවන්ට ෆුල්ෆේස් හෙල්මට් පැළදීම තහනම් කරමින් පොලිසිය විසින් ගත් තීරණයට එරෙහිව අභියාචනාධිකරණයේ පෙත්සම් තුනක් ගොනු කර තිබුනි. එම පෙත්සම් ඊයේ කැදවන ලද අවස්ථාවේදී රජයේ ස්ථාවරය දන්වමින් නීතිපතිවරයා පෙන්වා දුන්නේ ඉදිරියේදී යතුරුපැදි කරුවන්ට ෆුල්ෆේස් හෙල්මට් පැළදීම සම්බන්ධව නව රෙගුලාසි හදුන්වාදීමට රජය සූදානමින් සිටින බවයි.
නීතිපතිවවරයාගේ එම කරුණු දැක්වීම සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විජිත් මලල්ගොඩ පවසා සිටියේ මේ වන විට ෆුල්ෆේස් හෙල්මට්වලට අදාලව පොලීසිය විසින් පනවා ඇති තහනම ලබන වසරේ පෙබරවාරි මස 11 වන දින දක්වා දීර්ඝ කරන බවයි. මෙම පෙත්සම් තුන ලබන පෙබරවාරි මස 10 වන දින නැවත කැදවීමට නියමකරන ලදී.