ප්‍රංශයේ ලා බොගට්හිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අද දින (නොවැම්බර් 30) සිට දෙසැම්බර් මස 11 වන දින දක්වා පැවැත්වෙයි. එම සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ප්‍රංශයේ පැරිස් නුවරට ළඟාවිය.
දෙදිනක් පුරා මෝල්ටා රාජ්‍යයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව අවසන්වීමෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රංශය බලා පිටත්ව ගිය අතර 21වැනි වරට පැවැත්වෙන මෙම සමුළුව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් ඇතුළු රටවල් 147ක රාජ්‍ය නායකයින් ඇතුළු නියෝජිතයින් එයට සහභාගී වීමට නියමිතව මේ වන විට ප්‍රංශයට පැමීණෙමින් තිබේ.
ගෝලීය උෂ්ණත්වය ඉහළයාම හා තවත් පාරිසරික කරුණු හා දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන ලෝක සමුළුව වන මෙය වත්මන් පාරිසරික තත්වයන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා අතර බොහෝවිට වත්මන් ලෝකයේ ආර්ථික ආධිපත්‍ය උසුලන ලබන කේන්ද්‍රීය රටවල් විසින් මෙම සමුළුවේදී මොනයම් හෝ තීන්දු තීරණ ගනු ලැබුවත් එය නොසලකා තම ආර්ථික අවශ්‍යතාවයන්ට අනුගත ලෙස කටයුතු කිරීමට පෙළඹේ.