“වැට්” පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට

2016.07.11Ravi-Karunanayake

එකතු කළ අගය මත බදු හෙවත් ‘වැට්‘ බදු සංහෝධන පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි. මේ වන විට අදාල පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රෙය් පළ කර නිකුත් කර ඇති බව ද රවී කරුණානායක වැඩිදුරටත් පවසයි.

පසුගිය 13 වන දා කැබිනට් මන්ඩලය වෙත මෙම සංශෝධිත පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බවත්, එහිදී කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවත් පවසන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවේ ඉදිරි සතියේ මෙම සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමෙන් පසු ක්‍රියාත්මක වන බවයි.

Leave a Reply