අද දින (03) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ වැටලීමකදී මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේ නීති විරෝධී ආකාරයෙන් තබාගෙන සිටි මළසිරුරු කොටස් 26ක් අත්අඩංගුවට ගෙන ඇත.
රගර් ක්‍රීඩක වසිම් තජුඩීන්ගේ මරණය සිදු වූ 2012 මැයි මසදී මළසිරුරේ පශ්චාත් මරන පරික්ෂන වාර්තා සකස් කර තිබුනේ හිටපු අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර විසිනි. ආනන්ද සමරසේකර මාලබේ සයිටම් ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අතර නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලසයිටම් ආයතනයට අනුබද්ධය. තජුඩීන්ගේ සිරුරේ කොටස් ආනන්ද සමරසේකර විසින් නෙවිල් ප්‍රනාන්දු රෝහලට යැවු බවට සාක්ෂි ඉදිරිපත් විය. මෙම තත්වය හෙලිදරව් වීමත් සමග නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල් පරිශ්‍රය තුළ නීතිවිරෝධී ලෙස මිනිස් ශරීර කොටස් තබාගෙන සිටින බවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. එසේම නිදහස් සෙෆඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරයේ වෛද්‍ය ගිෂාන්ත දසනායක විසින් ලංකා වෛද්‍ය සභාවට මේ පිළිබද විමර්ශනයක් කරන ලෙස පැමිනිලි කර තිබේ. එම තත්වය මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම වැටලීම සිදු කර ඇත. ඒ අනුව නීතිමය අවසරයකින් තොරව රෝහලේ ශීතාගාරයක තැන්පත්කර තිබුනු මළසිරුරු කොටස් 26 අද දින කළ හදිසි වැටලීමේදී අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට හමු විය. එහිදී නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙම මළසිරුරු කොටස් රැස්කර තබාගැනීම පිළිබද සැක පිට කිසිවකු අත්අඩංගුවට ගෙන නැති නමුත් මළසිරුරු කොටස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලංකාවේ පවතින නීතිය අනුව අධිකරණයේ අවසරයකින් තොරව කිසිදු මලසිරුරක් නීතියෙන් පිලිගත් ආකාරයෙන් අවසන් කටයුතු නොකර පෞද්ගලික හෝ පොදු පරිශ්‍රයක තබාගෙන සිටිය නොහැකිය. එසේම ලංකාවේ නීතිය අනුව හොරබඩු ලෙස සළකන දේ ළග තබාගන්නා විට අදාල වගකිවයුත්තන්ද අත්අඩංගුවට ගැනීම නීති ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය පියවරකි. එහෙත් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නීතිවිරෝධී ලෙස තබාගැනීම සම්බන්ධව එම රෝහලේ කිසිදු වගකිවයුත්තකු අත්අඩංගුවට නොගැනීම විශේෂ තත්වයක් ලෙස සැලකිය හැකිය.