බදු ඉහළ දැමීමට හා පෞද්ගලිකකරණයට එරෙහිව වෘත්තීය සමිති රැසක සහභාගිත්වයෙන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
‘වැට් බදු හකුළා ගනු! – ධනපතියන්ට බදු ගසනු!’, ‘රාජ්‍ය ආයතන විකුණං කෑම නවතනු!’ යන සටන් පාඨ මූලික කර ගනිමින් මෙම උද්ඝෝෂණය හෙට (05) සවස 3.30ට කොළඹ, කොටුව, බෝ ගස අසලදී පැවැත්වීමට නියමිතය.මෙම විරෝධතා ව්‍යාපාරයට පහත සදහන් වෘත්තිය සමිතිවල නියෝජිතයන් සහභාගි වන බව ප්‍රකාශ කර තිබේ.
කම්කරු අරගල මධ්‍යස්ථානය
ලංකා ගුරු සංගමය
එක්සත් කම්කරු සම්මේලනය
ස්වාධීන තටාක සේවක සංගමය
එක්සත් තටාක සේවක සංගමය
ප‍්‍රගති ගුරු සංගමය
ස්වාධීන ලංකා ගුරු සංගමය
ජනරජ සෞඛ්‍ය පොදු සේවා සංගමය
රජයේ එක්සත් කළමනාකරණ සහකාර සංගමය
සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය
රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය
වාරිමාර්ග පොදු සේවක සංගමය
ශ‍්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය
ඒකාබද්ධ ගුරු සේවා සංගමය
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
රජයේ එක්සත් කළමනාකරණ සහකාර සංගමය
එක්සත් පොදු සේවක සංගමය
වාණිජ කාර්මික සේවක සංගමය
රජයේ කාර්යාල සේවා සේවක සංගමය
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය