තමන්ගේම බැංකුව කොල්ලකන්න හැදූ ලොක්කා මාට්ටු

arrested

වෙන්නප්පුව, තෝප්පුව හන්දියේ පිහිටි රාජ්‍ය බැංකුවක් කොල්ලකෑමට සැලසුම් කළ එම බැංකුවේම කළමනාකරු ඊයේ (02) දා වෙන්නපුප්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 18 වැනිදා වෙන්නප්පුව, තෝප්පුව හන්දියේ පිහිටි රාජ්‍ය බැංකුවක් කොල්ලකෑම දැරූ උත්සාහයක් පිළිබඳව පොලිසිය විසින් කළ විමර්ශනවලදී මෙසේ එම බැංකුවේම කළමණාකරු අත්අඩංගුව ගෙන ඇත.
අදාල බැංකුව කොල්ලකෑමට උත්සාහ කොට එම ස්ථානයේම කොල්ලකරුවන් විසින් අත්හැර ගොස් තිබූ තිබියදී පොලිසිය විසින් සොයා ගත් සිලින්ඩරයක් හා කැපුම් උපකරණ කිහිපයක් අනුව පොලිසිය සිය විමර්ශන කටයුතු සිදු කර ඇත.

මූලික විමර්ශනවලින්  පොලිසිය බුද්ධි අංශ තොරතුරු මගින් හෙළ කර ගෙන ඇත්තේ අධික ණය බරකින් යුත් මෙම බැංකුවේ කළමණාකරු විසින් අදාල බැංකුවේ මුදල් සොරකම් කිරීමට මෙම කොල්ලය සැලසුම් කර ඇති බවයි.