தமிழ்
English
Contact
Wednesday 25th May 2022    
හැකිනම් ඖෂධ මිල අඩු කර පෙන්වන්න - නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හැකිනම් ඖෂධ මිල අඩු කර පෙන්වන්න – නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය



එකම සමාගම නිපදවන එකම ඖෂධය රජය විසින් එක් මිලකටත් එම ඖෂධයම පෞද්ගලික සමාගම් විසින් ඊට වැඩි මිලකටත් විකුණමින් සිටින බවත් පවසන නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය, හැකිනම් එම ඖෂධවල හෝ මිල අඩු කර පෙන්වන ලෙස සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නට අභියෝග කරයි.

කොලෙස්ටරෝල් සඳහා රෝගීන්ට ලබා දෙන එවැනි එක් ඖෂධයක් එකම සමාගමේ, එකම නිෂ්පාදනය රජය විසින් විශාල ලාභයක් තබාගෙන රුපියල් 16.43ට විකුණන විට එම බෙහෙත් පෙත්තම පෞද්ගලික සමාගමක් විසින් රුපියල් 33.68කට විකුණන බව නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය පවසයි. ලංකාවේ නිෂ්පාදනය කරන පැරසිටමෝල් පෙත්තක් රාජ්‍ය ඖෂධ සමාගමෙන් රුපියල් 1.50ට විකුණන විට එම බෙහෙත් පෙත්තම පෞද්ගලික සමාගමක් අලෙවි කරන්නේ රුපියල් 2.50ක මිලටය. හැකිනම් මෙම ඖෂධවල මිල ගණන් රජය විසින් විකුණනු ලබන මිල මට්ටම දක්වාවත් පහළට ගෙනැවිත් පෙන්වන්නැයි නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය අභියෝග කරයි.

නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරයේ පළමු මාධ්‍ය හමුවේදී වෛද්‍ය ගිශාන්ත දසනායක මෙම අදහස් පළ කළේය. නිදහස් සෞඛ්‍ය සේවයක් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති, සංවිධාන ගණනාවක එකතුවෙන් මෙම සංවිධානය පිහිටුවාගෙන තිබේ.

මෙවැනි අත්‍යවශ්‍ය පියවරක්වත් අනුගමනය කළ නොහැකි ආණ්ඩුව ජනතාවගේ සීනි පාලනය කිරීමට යැයි කියමින් බදු ගසමින් සහ කඩවල්වල සීනි දැමූ තේ දීම තහනම් කරමින් සිටියි. තේ එකට සීනි දමා නොදී පාරිභෝගිකයාටම සීනි දමා ගැනීමට දීමෙන් වෙනදාට වඩා වැඩි සීනි ප‍්‍රමාණයක් වැය වන බව ව්‍යාපාරිකයන් පවසන බවද වෛද්‍ය ගිශාන්ත දසනායක පැවසීය.

ඖෂධ අධිකාරිය පිහිටුවමින් ආණ්ඩුව සිදු කරන ලද්දේ ප්‍රෝඩාවක් බවද ඔහු පැවසීය. සේනක බිබිලේ ප‍්‍රතිපත්තියේ වගන්ති කිහිපයක් එකතු කර ඖෂධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය පරිදි පනත සකස් කර ඇති අතර සියලූ බලතල ඇමතිවරයාට යටත් කර ඇත. තිබෙන සීමාකම් මත හෝ යමක් කිරීමට උත්සාහ කළ ලාල් ජයකොඩි සහ ක‍්‍රිශාන්ත වික‍්‍රමසූරියට වැඩ කළ නොහැකි තත්වයක් උද්ගත කොට ඔවුන් දෙදෙනාට ඉල්ලා අස්වීමට වැඩ සලස්වා තමන්ගේ හෙංචයියකු එම අධිකාරියේ ප‍්‍රධානියා ලෙස පත් කර තිබේ.

පී.ඞී. සරණපාල

pdලංකාවේ බහුතරයක් ජනතාව රජයේ රෝහල් කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. ඒ ජනතාව වෙනුවෙන් රාජ්‍ය සෞඛ්‍ය සේවය ආරක්ෂා කර ගත යුතුයි. තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම්වලට සීමා නොවී නිදහස් සෞඛ්‍ය සේවය රැුක ගැනීමට සියලූ වෘත්තීය සමිති එකතු විය යුතුයි. ඒ නිසා සියලූ දෙනා එක්ව පුංචි හෝ හඬක් නැගීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා අපි ජනතාවටත් ආරාධනා කරනවා, මේ ව්‍යාපාරය සමග එකතු වෙන්න කියලා.




Related News