මෙරට දේශපාලනය තුළ නව ව්‍යවස්ථාවක් පිළිබඳ කථාව මෑත අවුරුදු කීපයක පටන් වරින් වර ඉස්මතුවන මාතෘකාවකි. රාජපක්ෂ පාලනයද සිය පාලන කාලයේ අවසන් භාගයේ නව වස්වස්ථාවක් සකස් කළ යුතුයැයි පවසන ලදී. ඒ සඳහා වත්මන් පාලනයේ ආරම්භයත් සම`ග ක‍්‍රියාකාරී ව්‍යුහයක්ද සකස් වූ අතර ඒ සඳහා මහජන අදහස් ද එකතු කෙරිනි. නව ව්‍යවස්ථාව පිළිබඳ කතාවත් සම`ග කරලියට ආ තවත් සාකච්ඡාවක් වූයේ ලංකාව අනාගාමික රාජ්‍යයක් බවට නව ව්‍යවස්ථාව තුළින් පත් කළ යුතු බවය. ඒ සමගම ඊට එරෙහිව මල්වතුඑ, අස්ගිරි ඇතුළු සංඝයාගෙන්ද වෙතත් ජාතිවාදෙ ආගම්වාදී පිරිස් කෙරෙන්, දේශපාලනඥයන්ගේ ද බොහෝ විවේචන එල්ල විය. එවිට සුපුරුදු පරිදි මෛත‍්‍රීපාල කියා සිටියේ තමන් එවැන්නකට ඉඩ නොදෙන බවය.
නිර්ආගමිකභාවය රාජ්‍ය සංකල්පයක්ව නැගී සිටියේ මධ්‍යතන යුගයේ අවසානයත් සම`ග සනිටුහන් කළ ධනවාදී රාජ්‍යයන් තුළය. එය ලිබරල් රාජ්‍ය සංකල්පයක් ලෙස බොහෝ ධනේශ්වර රාජ්‍ය එක්කර ගැණුනු අදහසක් වූයේ ඉන්පසුවය.
එසේ ලංකාවේ නිදහස පිළිබඳ සාකච්ඡාව සමාජයක් ලෙස විමුක්ති අභිලාෂයන් වෙත ගෙන යන අරගලයකට වඩා මුල පටන්ම පැවතියේ පටු අගතීන්ගේද සංකලනයක් ලෙසය. අද එය අප පසුගාමී ධනවාදයක ලක්ෂණ හැටියට හඳුන්වනු ලබන එය මුල පටන්ම දායාද කොට ගත්තේ එවන් පටු අගතීන්ට පහර දෙනවා වෙනුවට ඒවා සිය පටු පෞද්ගලික මෙන්ම දේශපාලන වාසි තකා යොදවා ගන්නා සංස්කෘතියක් සැකසීමටය. එනිසා ලංකාවේ නිදහස පිළිබඳ අරගලයට ආගමික ස්වරූපයන් එකතුවීම වලකාලිය නොහැකි විය. ඕනෑම නිදහස් අරගලයක ජාතිකවාදී, ආගම්වාදි ස්වරූපයන් පැන නැගීම පුදුම සහගත කරුණක් නොවුනද අපට සිදුවූයේ එය ඉදිරියෙන් තබාගෙන කටයුතු කරන සම්ප‍්‍රදායක් නිර්මාණය කිරීමය.
ප‍්‍රතිඵලය වූයේ එය ආගමික සීමාවෙන් එහාටද යමින් වර්ගවාදී ස්වරූපයකට තල්ලූවීමය. ඒ සඳහා මූලික ලෙස බලපෑවේ කුඩා වෙළෙඳපල වපසරියක අඩව් ඇල්ලූ ලංකාවේ වෙළෙඳ ගැටුමය. එය ධනවාදයට උරුම ¥පතින් එහා ලෝකයක වෙළඳපලක් දක්වා පළල් වනවා වෙනුවට භූමියේ පටු සීමාවන්ට යට විය. එවිට සිය ගනුදෙනු බේරා ගැනීමට ගියේ ලාංකීය පොළොවේ බෙදුම් රේඛා ඔස්සේ යමිනි. 83 ට ආසන්න කාලයේදී පමණක් නොව ධර්මපාලගේ අරගල විවේචනයේද මෙකී කරුණ එළිපිටම පැවතුනි.
අප මෙය තවත් දුරකට ඔසවන විට ලාංකීය රාජ්‍යත්වයට ආගමික ස්වරූපයනක් ගෙන ඒමට බලපෑ අතීත ආසියාතික කතා වස්තූන්ද ඇත්තේය. එනම් රාජ්‍ය පාලනය හා සංඝ සමාජය අතර මුල පටන්ම පැවති සහජීවනයයි.
එය කෙතරම් දුර ගියේද කියනුයේ නම්, රජු තෝරා ගැනීමට නැත්නම් ඔටුණු පැළඳවීමට පවා සංඝ සමාජය කටයුතු කළ අතර රජුන්ද පෙරළා විහාර, දේපල ඉඩකඩම් හා ඒවායේ පාලනයද භික්ෂුන්ට පැවරූ අතරඑ, භික්ෂු සංස්කෘතිය හැලහැප්පිලි පාලනයට, නීති සැකසීමද රාජ්‍ය පාලනයට බාර කෙරුනි. “දන්ත ධාතුව“ වැනි ආගමික සිහිවටන රාජ්‍යත්වයේ සංකේතයක් වශයෙන් ඔසවාලනු ලැබුයේ එකී සුසංයෝගයේ ප‍්‍රතිඵලයෙන්.
රාජ්‍යත්වය සම`ග ආගම සම්බන්ධවීම ලාංකේය සමාජයට පමණක් සීමාවූවක්ද නොවේ. ක‍්‍රිස්තියානිය බිහිවනුයේ රෝම අධිරාජ්‍යයේ නැගෙනහිර ප‍්‍රදේශවල පීඩිතයන්ගේ ආගමක් හැටියටය. එහෙත් එය ක්‍රිතුගේ මරණින් වසර 500 ක් යාමටද පෙර රෝම අධිරාජ්‍යයේ ආගම බවටද සෙසු බොහෝ රටවල ආගම හා රාජ්‍ය ආගම බවටද පත් විය.
එහෙත් ප‍්‍රංශ විප්ලවය ඇතුළු ලොව ධනේශ්වර විප්ලව ඒ හා ගොඩනැගුණු මධ්‍යතන විරෝධි දේශපාලන මතවාද විවාද තුළින් රාජ්‍යය ආගමෙන් වෙන්විය යුතුය යන දේශපාලන පදනම ගොඩනැගෙන්නට විය.
එහි ප‍්‍රතිඵලය වූයේ යුරෝපාකරයේ ගොඩනැගුණු බොහෝ ධනේශ්වර රාජ්‍ය සිය රාජ්‍යයත් ලෞකික භාවය තහවුරු කිරීමය. ඒ අනුව ලොව පුරා අනාගාමික රාජ්‍ය පද්ධතියක් (Secular States) ගොඩනැගුණි. අසල්වැසි ඉන්දියාවද වසර 1976 දී තම ව්‍යවස්ථාවට ගෙන ආ පනතක් මගින් රාජ්‍යයේ ලෞකිකත්වය තහවුරු කරන ලදී.
එහෙත් ලාංකේය ධනේශ්වරය සිය බල දේශපාලනයේ තුරුම්පුවක් ලෙස අතීත සම්ප‍්‍රදායක නටබුන් සොයා රාජාභිෂේකය සිදු කරන ලදි. එහි තර්කානුකූල ප‍්‍රතිඵලය වූයේ රාජ්‍ය නිල පංගුකාරීත්වයට ආගම ආදේශ වීමය. පැරණි වාමාංශයේද සහයෙන් එය නිල ලෙස නීතිගත කරනු ලැබුයේ 1972 ජනරජ ව්‍යවස්ථාවෙනි. ඒ අනුව ලංකාද්වීපයේ රාජ්‍ය ආගම බවට බුද්ධාගමද රාජ්‍ය භාෂාව බවට සිංහලයද පත් කෙරිණි.
ලංකාවේ රාජ්‍යත්වය පිළිබඳ කතාව ආගමික සංස්ථාව සමග වෙලී පැවතුනද, බුදුන් දවසද පැවති කිසිදු රාජ්‍යයක බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කළේද නැත. සුද්දෝදන රජු එසේ විමසු කල බුදුන් එය ප‍්‍රතික්ෂේප කළ බව බෞද්ධ සාහිත්‍යයේද සාක්ෂි දෙයි. ලෞකික ආයතනයක් වන රාජ්‍ය සම`ග ලෝකෝත්තර දහමක් වන බුදු දහමට ඇති සම්බන්ධයක් නැත. එහෙත් අප කටයුතු කරනුයේ එහි සත්‍යයටද පිටුපාමිනි.
වසර 30 යුතු ඛේදවාචකයනට අනතුරුවද අපට පුළුල් අත්දැකීමකින් ලාංකීය සමාජය දෙස බැලීමට නොහැකි වී ඇති අතර අප ඉදිරියට හැම විටම මතුව එන්නේ පටු ජාතිකවාදී බෙදුම් ඛේදවාය වාර්ගික, භාෂාමය, සංස්කෘතිකමය මෙන්ම ආගමික වෙනස්කම් දකිමින් ඒවා පිළිගනිමින් පසු කරමින් වැඩකරන සම්ප‍්‍රදායන් අප අතර නැත. යුද ඛේදවාචකයන්ගෙන් පසු බැංකු මෙන්ම පරිභෝජනවාදී උපකරණ තොග පිටින් උතුරට කඩා වැදුණු අතර ඒ සමගම බෞද්ධ මධ්‍යස්ථාන වේගයෙන් ඉදි විය. එදා බෞද්ධ තමිල් ජනයා පමණක් නොව හින්දුන්ද බුදුන්ට ගෞරව කළ අතර අද එකී පිළිරූ ආක‍්‍රමණිකයාගේ වෙස් ගෙන ඔවුන්ගේ භූමියට කඩා වැදී ඇත. එනිසා අපට අනාගාමික රාජ්‍යය ධනවාදය තුලද තව බොහෝ දුරය. එකිනෙකාගේ වෙනස්කම් පිළිගන්නා තරමට අපට එක්ව කටයුතු කළ හැකිවනු ඇත. අප ඒ වෙනුවට කළේ ආගමිකඑ, භාෂාමය වෙනස්කම් නීතිගත කොට ආගමික රාජ්‍යයන් බවට නවීකරණය කිරීමය. ඒ හරහා අප වැනි බහුජාතික රාජ්‍යයක දේශපාලන පදනම දෙදරා යන පනිවිඩයක් කැඳවිය. එහෙත් අදටද ඉන් ගැලවී ගත හැකි රාජ්‍ය සංකල්ප අඩුම තරමේ සාකච්ඡා කළ හැකි සංස්කෘතියන් හෝ අපට නැත. එනිසාම සම අයිතින් උදෙසා දේශපාලන අරගලය ලාංකීය ධනවාදය තුළ උස් දේශපාලන අරගලයක් බව නම් ඉඳුරාම පැහැදිලිය.
“වම“ පුවත්පතෙන් උපුටා ගැනින.