ලසන්ත ඝාතන සැකකරු ඉහළ නියෝගයකින් තානාපති රැකියාවකට යවලා
Posted on 09.30.2016 by Awantha Idamegama in දේශීය පුවත් with 0 Comments
ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ප්‍රධාන සැකකරු පසුගිය ආණ්ඩුවේ ඉහළ නිලධාරියෙකුගේ නියෝගයකට අනුව ජර්මන් තානාපති කාර්යාලයේ රැකියාවකට යොමු කර ඇති බවත්, අදාල තනතුර එතෙක් නොපැවති තනතුරක් වන අතර, අලුතින් එම තනතුර නිර්මාණය කොට මෙම සැකකරු සේවයේ යොදවා ඇති බව රහස් පොලිසිය ඊයේ අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත. රහස් පොලිසිය විසින් මෙසේ කරුණූ දැක්වූයේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ප්‍රධාන සැකකරු වන හමුදා බුද්ධි අංශ හිටපු මාන්ඩලික සැරයන්වරයෙකු වන ප්‍රේම් ආනන්ද උදුලාගම යන අයට එරෙහිවය.
2010 වර්ෂයේදී මෙම සැකකරු විදේශ ගතව වසර තුනක කාලයක් ජර්මන් තානාපති කාර්යාලයේ ආරක්ෂක ලිපිකරු තනතුරේ සේවය කර ඇති බවත්, එවැනි තනතුරක් තානාපති කාර්යාලයේ නොමැති බැවින් සැකකරුට රටින් පිටවී යාමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය හිමි වී නොමැති අතර, පසුව රජයේ ඉහළ තනතුරකින් ලැබුණු නියෝගයක් මත අලුතින් තනතුරක් ඇති කර අදාල සැකකරු විදේශ ගත කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත.
මෙයට අමතරව අදාල සැකකරු ලසන්ත වික්‍රමතුංගගේ රියැදුරු පැහැරගෙන ගොස් තබා ගනිමින් ඔහුට මරණ තර්ජනය කර ඇති බවත්, එම රියැදුරු විසින් ලසන්ත වික්‍රමතුංග ඝතනය කළ අයෙකුගේ නමක් යම් ස්ථානයකදී සඳහන් කර ඇති බවත්, රියැදුරු පැහැර ගෙන ගොස් එම ප්‍රකාශය රියැදුරුට ඇසෙන්නට සලසවා, නැවත එම නම කොතැනකදී හෝ කීවොත් ජීවිත ආශාව අත්හරින ලෙසත් තර්ජනය කර ඇත.
පසුව මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන පෙනී සිටින නීතිඥවරුන් විසින් සැකකරුට ඇප ලබා දීමට සිය විරෝධය දැක්වූ අතර, ඒ අනුව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සහාබ්දීන් මහතා විසින් ප්‍රධාන සැකකරු ලබන 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ අතර, විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස රහස් පොලිසියට නියෝග කළේය.