රුසියාව හා චීනය කොරියානු අර්බූදය විසදන්න ඒකාබද්ධ යෝජනාවක්

උතුරු කොරියාව සිය න්‍යෂ්ඨික කටයුතු නතර කළයුතු බවත් එය ඒක පාර්ශවීයව සිදුනොවන නිසා දකුණු කොරියාව හා එක්සත් ජනපදය ද සිය කොරියානු අර්ධද්වීපයේ කෙරෙන යුද අභ්‍යාස හා දකුණු කොරියාවේ මේ වන විට ස්ථාපිත කර ඇති තාඩ් මිසයිල නාශක පද්ධතිද ඉවත් කළයුතු බව පවසා ඇතැයි විදෙස් මාධය පවසයි.

ඊයේ මොස්කව් නුවර පැවැති මෙම මධ්‍ය හමුවට රුසියානු ජනපති හා චීන ජනාධිපතිවරයා සහභාගීවී ඇත. මේ දිනවල මොස්කව් වෙත පැමිණ සිටින චීන ජනාධිපවරයා හා රුසියානු ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව මෙම ප්‍රකාශය සිදු කර තිබේ.

පසුගිය දින උතුරු කොරියාව නව දිගුදුර මිසයිලයක් අත්හදා බැලීමෙන් පසුව දෙරට විසින් මෙම තීරණයට පැමිණ මධ්‍ය වෙත ප්‍රකාශකර ඇත.

තමන් විසින් යෝජනා කරනු ලබන්නේ උතුරු කොරියාව විසින් ඉදිරි න්‍යෂ්ඨික කටයුතු හා මිසයිල අත්හදා බැලීම නවත්වා දැමිය යුතු බවත් එය සිදු කිරීමට නම් කොරියානු කලාපය තුල දකුණු කොරියාව හා එක්සත් ජනපදය විසින් සිදුකරනු ලබන අර්බූදයට ලක්වන යුද අභ්‍යසද නතර කළයුතු බවයි.

එසේ නොවන්නේ නම් ඒක පාර්ශවීයව මෙම අර්බූදකාරී තත්වය නතර කළ නොහැකි බවයි. එබැවින් සියලු පාර්ශවයන් මෙම තත්වයන් පිළිබදව වඩාත් වගකීමකින් කටයුතු කළ යුතු බවයි එසේ නොවන්නේනම් උතුරු කොරියාවට පමණක් දොස් කීමෙන් පළක් නොවනු ඇති බවයි.

උතුරු කොරියාව සිය රටේ ආරක්ෂාව සදහා කරනු ලබන මැදිහත්වීම් සිය රටේ ආරක්ෂාව පිලිබදව සහතිකයක් නොමැතිව ඒක පාර්ශවීය නතර කළ නොහැකි බවයි.

Leave a Reply