ඒකාබද්ධ කියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලුමුවදොර ප්රවේශ මාර්ගය ලෝටස් වට රවුමෙන් තාවකාලිකව වසා දමා ඇත.
විශාල පිරිසක් එම මාර්ගයේ විරෝධතාවට එක්ව සිටින නිසා මෙලෙස මාර්ගය තාවකාලිකව වසාදමා ඇති බවත්, මේ තත්වය නිසා කොටුව ප්රදේශයේ රථවාහන තදබදයක් හටගෙන ඇති බවත් පුවත් වාර්තා පළ කරයි. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමයෛ් විරෝධතාකරුවන් පාගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් සංදේශයක් බාරදීමට නියමිතය.