தமிழ்
English
Contact
Thursday 7th September 2017    
පර්පෙචුවල් ට්‍රෙෂරීස් ගනුදෙනු මාස 6ක් අත්හිටුවයි! « Lanka Views | Views of the truth

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ගනුදෙනු මාස 6ක් අත්හිටුවයි!



කුප්‍රකට මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධ චෝදනා ලැබ තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ  ගනුදෙනු  මාස හයක කාලයක් සදහා අත්හිටුවනු ලැබූ  බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

මහබැංකුවේ හිටපු අධිපතිවරයා වූ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට හිමි බව කියන පර්පෙචුවල් ආයතනය බැදුම්කර වංචාව නිසා විශාල මුදලක් උපයා ඇති බවත් එය රජයට හිමි අරමුදල් වංචා කිරීමක් බවටත් චෝදනා නැගි ඇත.

එසේම එම බැදුම්කර වංචාවට මහබැංකුවේ හිටපු අධිපතිවරයාගේ සහයෝගය ඇතිවද යන්න විමර්ශනවලදී අවදානයට ලක්ව ඇත. කෙසේවෙතත් මේ තහනම නිසා එම සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවකු විසින් සිදුකරන ව්‍යාපාරික කටයුතු, කොටස් වෙලදපොල ගනුදෙනු  සහ ක්‍රියාකාරකම්  ඒ අනුව මාස හයක් යනතුරු අත්හිටුවන්නට සිදුවේ.