தமிழ்
English
Contact
Wednesday 27th December 2017    
තජුඩින්ගේ සිරුරු කොටස් සයිටම් වෙත ගෙනයාම සම්බන්ධ යුක්තිය ඉටු කරනු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තජුඩින්ගේ සිරුරු කොටස් සයිටම් වෙත ගෙනයාම සම්බන්ධ යුක්තිය ඉටු කරනු!



රාජපක්ෂ පාලනය සමයේ රගර් ක්‍රීඩක වසිම් තජුඩීන් ඝාතනය සම්බන්ධ අදිකරන ක්‍රියාදාමයක් පවතී. ඔහුගේ මළ සිරුරේ අස්ථි කොටස් සයිටම් ආයතනයේ තබාගැනීම සම්බන්ධව ‘නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා වූ ජනතා ව්‍යාපාරය’ විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිනිල්ල තවමත් විභාගයට ගෙන නැත.

එම ව්‍යාපාරය විසින් මෙම පැමිනිල්ල කළේ සයිටම් ආයතනයේ තිබී වසිම් තජුඩින්ගේ අස්ති කොටස් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව භාරයට ගැනීමෙන් පසුවය. තජුඩින් ඝාතනය සම්බන්ධ පරික්ෂණවලදී එම සිරුරේ අස්ථි කොටස් පශ්චාත් මරණ පරික්ෂනයෙන් පසුව කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ තිබී අතුරුදන්ව ඇති බවට ප්‍රකාශ විය. ඉන්පසුව අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සේවකයන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ ක්‍රීඩකයාගේ මරණ පරික්ෂණයෙන් පසුව අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකරගේ භාරයේ පැවති අස්ථි කොටස් ඔහු විසින් ලොරියක දමාගෙන රැගෙන ගිය බවයි. ඒ අනුව සයිටම් ආයතනයට ගිය අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව විසින් එහි වෛද්‍ය ශිෂ්‍යයන් පුහුනු කිරීමේදී භාවිත කරන්නට යොදාගත් අස්ථි කොටස් අතර තජුඩින්ගේ අස්ති කොටස් අත්අඩංගුවට ගත්තද ඒ සම්බන්ධ වගකිවයුතු සයිටම් ආයතනයේ බලධාරින් කිසිවකු අත්අඩංගුවට ගත්තේ නැත.

මේ අතර වෛද්‍යවරයකුගේ වෘත්තියමය තත්වයට තරම් නොවන ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ පරික්ෂනයක්ද ආරම්භ විය. වෛද්‍ය වෘත්තිකයන්ගේ ආචාර ධර්ම පිලිබද ප්‍රමිතීන් ආරක්ෂා කිරීමේ අරමුනින් රජයේ වෛද්‍ය සභාව විසින් වගකීම පවරන ස්ථාවර කමිටුවක් ලෙස එම කමිටුව වෛද්‍ය ආනන්ද සමරසේකර සිදුකළ ක්‍රියාව සම්බන්ධ විමර්ශනය කිරීමෙන් පසුව නිගමනයක් නිකුත් කර තිබිනි. ඒ අනුව ඔහුගේ වෛද්‍ය බලපත්‍රය මාස 6කට අත්හිටුවන්නට වෛද්‍ය සභාවේ තීන්දුව විය. මහාචාර්ය කාලෝ ෆොන්සේකා පසුගියදා වෛද්‍ය සභාවේ සභාපතිධුරයෙන් සමුගන්නට පෙර අවසන් රාජකාරිය ලෙස එම දඩුවම ප්‍රකාශයට පත් කරන ලදී.

කෙසේවෙතත් සයිටම් ආයතනයේ තිබී තජුඩින්ගේ සිරුරු කොටස් හමුවීමෙන් පසුව ‘නිදහස්

සෞඛ්‍ය සේවයක් සදහා වූ ජනතා ව්‍යාපාරය’ විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිනිල්ලක් කරන ලදී. එහිදී වසිම් තාජුඩින්ගේ මළසිරුරේ අස්ථි කොටස් සයිටම් ආයතනයේ තිබීමෙන් සුසාන භූමි ආඥාපනතට අනුව එම ආයතනය විසින් නීති විරෝධී කටයුත්තක් සිදුකර ඇති බව පෙන්වා දෙන ලදී. එසේම සයිටම් ආයතනයේ තජුඩීන්ගේ සිරුරේ කොටස්වලට අමතරව තවත් මළසිරුරු කොටස් පරිහරණය කරන බවද එම පැමිනිල්ලේ සටහන් කෙරිණි. එසේ මළසිරුරු ළගතබාගැනීමට අවසර ඇත්තේ රජයේ පිළිගත් වෛද්‍ය පීඨවලට වුවද සයිටම් ආයතනය එවැනි නීති විරෝධී පියවරක් තැබීම සම්බන්ධයෙන්ද ‘නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා වූ ජනතා ව්‍යාපාරය’ අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට කල පැමිනිල්ලේ සටහන් විය. ඒ පිළිබදව පරික්ෂන කරන මුවාවෙන් තජුඩින්ගේ මලසිරුරු කොටස් සයිටම් ආයතනයට පැමිණ රැගෙන ගිය අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව එම නීතිවිරෝධී ක්‍රියාවට සම්බන්ධ සයිටම් බලධාරින් කිසිවකු අත්අඩංගුවට ගත්තේ නැත. එයින් පෙනෙන්නේ තජුඩීන්ගේ සිරුරේ කොටස් ස්වයංක්‍රීයව සයිටම් ආයතනය වෙත පැමිණි ආකාරයෙන් කටයුතු කිරිමකි.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවකයන් පවසන ආකාරයට තඩුඩින්ගේ සිරුරු කොටස් ලොරියක දමාගෙන එතැනින් රැගෙන ගියේ වෛද්‍ය ආනන්ද සමරසේකර විසිනි. ඔහු ඉන්පසුව සයිටම් ආයතනයේ උපකුලපති නිලයට පත් කෙරිනි. අදත් ආනන්ද සමරසේකර සයිටම් ආයතනයේ අධිකරන වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. සයිටම් ආයතනයේ සේවය කරන ඔහු අධිකරණයේ විභාගවන නඩුවක සාක්ෂි එම ආයතනයට ගෙන ගොස් ඇති බව ඉන් පැහැදිලි වේ. ඒ අනුව, කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ලෙස සේවය කළ ආනන්ද සමරසේකර සම්බන්ධ මූලික චෝදනා තුනක් එල්ල වේ. පළමුවැන්න අපරාධයක සාක්ෂි වසන් කිරීමය. දෙවැනි චෝදනාව මිනිස් සිරුරු කොටස් ළග තබාගැනීමය. තුන්වැන්න අධිකරණ කාර්යයක් සදහා භාරදෙන ලද නඩු භාණ්ඩ සොරකම් කිරීමය.

සයිටම් ආයතනය විසින් සුසානභූමි ආඥාපනත උල්ලංඝනය කර ඇති බවට කළ පැමිනිල්ල විභාග කිරීමට අපරාධ පරික්ෂන දොර්තමේන්තුවට කළ පැමිනිල්ල ක්‍රියාත්මක නොවන්නේ පවතින යහපාලන ලංකාවේ නීතිය තම අවශ්‍යතා අනුව කැමති කැමති ආකාරයට බාල්දු කරන නිසා බව පැහැදිලිය.