தமிழ்
English
Contact
Thursday 28th December 2017    
G-20 සමුඵවට එරෙහි විරෝධතාකරුවන් පොලීසිය සමග ගැටෙති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

G-20 සමුඵවට එරෙහි විරෝධතාකරුවන් පොලීසිය සමග ගැටෙති



ජර්මනියේ හැම්බර්ග් නගරයෙදී අද හා හෙට යන දෙදින තුල පැවැත්වීමට නියමිත G-20 සමුළුවට එරෙහිව ඊයේ හැම්බර්ග් නගරයේ විරෝධතාකරුවන් හා පොලීසිය අතර ගැටුම් හට ගෙන ඇතැයි වාර්තාවේ.

මෙම විරෝධතා ව්‍යපාරයන්ට ඊයේ සවස් වන විට දොලොස්දහසකට වැඩි පිරිසක් සහභාගීවූ බව ජර්මන් එන්.ටී. වී සේවය වාර්තා කර තිබුනි. මේ සිද්ධියෙන් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තවේ. ඒඅතර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇත.

ඊයේ දිනය තුල ගෝලීයකරණයට එරෙහි  සටන් පාඨ කියමින් සාමකාමීව ආරම්භ වූ මෙම විරෝධතා ව්‍යාපාරය හැම්බර්ග් නගරයේ ස්ථාන ගණනාවක පැවැත්විනි. පසුව පොලීසිය විසින් ජල ප්‍රහාර හා ගම්මිරිස් වායුව ඉසීමෙන් පසුව විරෝධතා කරුවන් හා පොලීසිය අතර ගැටුම් හටගැනුනි.

පොලිසිය විසින් බැටන් ප්‍රහාර එල්ල කරමින් විරෝධතා කරුවන් විසුරුවා හැරීමට කටයුතු කර ඇත. යුරෝපය තුල ක්‍රියාත්මක වන ගෝලීයකරණ විරෝධී හා වාමාංශික ව්‍යාපාරයන් හා පරිසර සංවිධාන එක්ව මෙම විරෝධතා ව්‍යාපාරයන් ආරම්භ කිරීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.




Related News