රාගම කොල්ලයට ගියේ තාත්තට බෙහෙත් ගන්න! – 27 හැවිරිදි තරුණයා කියයි
Posted on 07.07.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගියදා රටේ ආන්දෝලනයක් ඇති කළ රාගම ලක්ෂ 77 මංකොල්ලය පිළිබඳ සිදුකරන පොලිස් පරික්ෂණවලදී පොලිසියට සැකකරුවකුගෙන් තොරතුරු ප්‍රමාණයක් හෙළිකරගන්නට හැකි වී තිබේ.
මෑතකාලයේ අතිවිශාල මුදල් කොල්ලයක් ලෙස අවධානය හිමිකරගත් මෙම කොල්ලය සිදුකර ඇත්තේ වත්තල ‘කැන්ඩි‘ රෙදිපිළි ආයතනයෙන් ඉවත් කළ සේවකයෙකු සැපයූ ඔත්තුවක් මත එම ආයතනයේ මුදල් ගෙනයමින් පැවති අවස්ථාවක වාහනය හරස් කළ කණ්ඩායමක් මගිනි. මුල් ඔත්තුව දුන් මේ කියන සේවකයා මින් පෙර අපරාධවලට සම්බන්ධ අයෙකු නොවන අතර ඔහු තම පාර්හ්වය වෙනුවෙන් පාපෝච්චාරණයක් සිදුකර ඇත. ඔහුට සූදුපොළකදී හමුවූ පුද්ගලයකු සමග ඇතිවූ කථාබහේදී මෙම කොල්ලය සම්බන්ධ අදහස මුලින්ම මතුව තිබිණි. ලක්ෂ ගාණක් මුදල් හිමිකරගත හැකි බවත් තමාට ඉන් අවශ්‍ය කරන්නේ ලක්ෂ 5 ක් පමණක් බවත් සැකකාර සේවකයා එම පුද්ගලයාට පවසා සිටියේ ඔහු යම්කිසි රහසිගත සිදුවීම්වලට මුල්වන අයකු බවට ඇති හදුනැගැනීම නිසාය.
පාසලින් මෑතක ඉවත්වූ විසිහැවිරිදි වයසේ සිටි මෙම සැකකරු කැන්ඩි ආයතනයේ සේවය කළ අයෙකි. ඔහු මෙම කොල්ලයෙන් පසුව කොල්ලකරුවන් ලබාදුන් ලක්ෂ පහක මුදලින් ලක්ෂ දෙකක් රෝහල්ගතව සිටින සිය පියාගේ පිළිකා එන්නත් සඳහා වැයකර ඇතැයිද විමර්ශනවලදී හෙළි වී ඇත.කොල්ල පිරිස ලක්ෂ 15 බැගින් බෙදාගෙන ඉන් පසුව වෙනමම ලක්ෂ පහක් සැකකරුට ලබාදී ඇති බව හෙළිවී ඇත. ඔහුගේ පියාගේ පිළිකා රෝගය කාලයක් තිස්සේ උත්සන්න මට්ටමක පැවතියත් මුදල් හිඟකම නිසා ප්‍රතිකාර ප්‍රමාද වූ බවත් ඒ අතරවාරයේ රැකියාවේ ප්‍රශ්නයක් නිසා රැකියාවද අහිමිවූ බවත් පවසා ඇති අතර එබැවින් කොල්ලයක් සිදු කර හෝ මුදල් උපයාගන්නට සිතා මෙම ඔත්තුව ලබාදුන් බව පවසා ඇත.
Related News