අරුන්දතී රෝයි අධිකරණයෙන් සමාව ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි!
Posted on 07.06.2017 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
1997 වසරේ ජාත්‍යන්තර මෑන් බුකර් සම්මානය දිනා ගත් ඉන්දීය ලේඛිකා, මානව හිමිකම් ක්‍රියාකාරිනි, අරුන්දතී රෝයි එරට ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්යිබන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
නාග්පූර් මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නඩුව පසුගිය 03දා විභාගයට ගන්නා ලදී. අරුන්දති විසින් විරෝධය පළ කර තිබුණේ ආබාධිත, හිටපු දිල්ලි විශ්වවිද්‍යාල මහාචාර්ය G.N. සායිබාබාට විරුද්ධව ශ්‍රේෂ්ටාධිකරණය ලබාදුන් තීන්දුව සහ ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වීම සම්බන්ධවයි. සායිබාබාට එරෙහි මහාධිකරණ නඩු තීන්දුව පිළිබඳව සිය පෞද්ගලික කනගාටුව පළකරමින් ඉන්දියානු සඟරාවක පළ කළ ලිපියක් මෙම චෝදනා එල්ල වීමට හේතු විය. මහාචාර්යවරයා මාඕවාදී කැරලිකරුවන්ට සම්බන්ධ බවට චෝදනා කරමින්ම 2014 වසරේදී අත්අඩංගුවට ගන්නා ලදී. ඉන්පසුව කැරලිකරුවන්ට රැකවරණය සැපයීමේ චෝදනාව යටතේ පැවැති නඩුවිභාගයේදී ලැබීම නිසා 2017 මාර්තු මස දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි විය. සායිබාබා දරුනු ලෙස ආබාධිත තත්වයේ පසුවන නිසා ඔහුට නිරන්තර වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය කෙරේ.
පසුගිය නඩු විභාගයේදී ඇපෑලක් ඉදිරිපත් කිරීම සඳහා අරුන්දතී රෝයිට අවසර ලබා දෙන ලදී. නාග්පූර් මහාධිකරණ විනිසුරු මණ්ඩලය විසින් බොම්බේ ශ්‍රේෂ්ටාධිකරණයේ සාපරාධි අපහාස නඩුවක් ගොනු කිරීමට එරෙහිව ඇය ඉදිරිපත් කළ අභියාචනය, අවසාන නඩු විභාගයේදී සලකා බලනු ඇත.
Related News