தமிழ்
English
Contact
Sunday 10th September 2017    
මන්නාරමෙන් හමුවූ හිස්කබල තිබූ තැන සමූහ මිනිවලක්? « Lanka Views | Views of the truth

මන්නාරමෙන් හමුවූ හිස්කබල තිබූ තැන සමූහ මිනිවලක්?



තලෙයිමන්නාරම කර්මාන්ත පුරය ආසන්නයේ ස්ථානයක ඇටසැකිලි වලදමා ඇති බවට පොලීසියට ලැබුනු තොරතුරකට අනුව අදාල ස්ථානයේ කැනීම කටයුතු ඊයේ (05)  සිටියේය.

මිනිස් ඇටකටු වලදමා ඇති බවට මන්නාරම් පොලීසියට ලැබුනු දැනුම්දීමකට අනුව මන්නාරම් පොලීසිය විසින් මන්නාරම් මහෙස්ත්‍රාත ඒ.ඇලෙක්ස්රාජාගේ නියෝගයන් පරිදි ඊයේ කැනීම් කටයුතු සිදු කරනු ලැබීය. තලෙයි මන්නාරම් කර්මාන්ත පුරය ආසන්නයේ දවස පුරා සිදු කළ කැණීම්කටයුතුවලදී එක් මිනිස් හිස්කබලක බවට සැකකෙරෙන කොටස් හමු වූ බවට මන්නාරම් පොලීසිය කියයි. මිනිස් හිස්කබලක් බවට සැකකෙරෙන අස්ථි කොටස් වලට අමතරව කිසිවක් හමු නොවූ බවට මන්නාරම් පොලීසිය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත. මහෙස්ත්‍රාත් වරයාගේ නියෝගයන් පරිදි කැනීම් කටයුතු ඊයේ දින සවස නවතා දැමුනු අතර අධිකරණයේ උපදෙස් පරිදි ඉදිරියේදී නැවත් කැනීම් සිදු කිරීමටද මන්නාරම් පොලීසිය අපේක්ෂා කරයි.

මෙවැනිම අස්ථි කොටස් හමුවීමෙන් පසුව මන්නාරම් තිරුකේදීස්වරන් ප්‍රදේශයේදී සිදු කල සමූහ මිනීවලකින් මිනිස් ඇටසැකිලි 81 ක් වලදමා තිබියදී සොයාගෙන තිබුණී.




Related News