යේමනයේ කොළරා රෝගයෙන් 1600කට වැඩිය මියයති
Posted on 07.07.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
යුද ගැටුම් පවතින යේමනය තුල මේ වනවිට ඉතා දරුණු ලෙස කොළරා රෝගය පැතිර යමින් පවතින අතර පසුගිය මාස දෙකක පමණ කාලය තුල ළමයින් හා කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 1600 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තාවේ.
ඊයේ එරට අගනුවර පැවැති පුවත්පත් සාක්ච්ඡාවකට සහභාගීවූ එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබදව සම්බන්ධීකාරක ජෙමී මැක්ඩොල්ඩ්‍රික් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මාස දෙකක පමණ කාලය තුල පමණක් මෙම පිරිස මියිගොස් ඇති බවයි.
ඊට අමතරව දෙලක්ෂ හැත්තෑ දහසක් පිරිසක් රෝගී තත්වයෙන් මේ වන විට පෙලෙන බවද ඔහු එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ. යේමනයේ ප්‍රාන්ත 23කින් ප්‍රාන්ත 21කම මෙම කොළරා වසංගතය ඉතා දරුණු ලෙස පැතිර ඇති බව එහිදී හෙලිකර තිබේ.
යේමනය තුල මේ වන විට සිවිල් යුද්ධයක් ආරම්භ වී ඇති අතර සෞදි අරාබියේ මැදිහත්වීමෙන් එරට හිටපු ජනාධිපතිවරයාගේ කණ්ඩායම් හා හොවුති සටන්කාමීන් අතර ප්‍රදේශ කිහිපයක ගැටුම් පවතී. මේ හේතුවෙන් එරට සෞඛ්‍ය පහසුකම් නිසි ලෙස නොමැති අතර ඊට අමතරව සෞදි ගුවන් ප්‍රහාර හේතුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් විනාශ වි තිබේ.
මේ හේතුවෙන් කොළරා රෝගය පැතිරීම වැළැක්වීමට තවත් අපහසුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Related News