උමා ඔය විනාශයද දේශපාලකයන්ට හා සමාගම්වලට ලාභයකි

මා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට නිවාස 4625ක් ඉරිතලා පුපුරා ගිලාබැස හානියට ලක්ව ඇත. බොහෝ නිවාස මුළුමනින්ම බිමට සමතලාව ඇති ඇති අතර ලිං උල්පත්, දියකඳුරු 2333ක් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇත.

මකුල්ඇල්ල විද්‍යාලය, මකුල්ඇල්ල විහාරස්ථානය, එගොඩගම විහාරස්ථානය, හීල් ඔය විහාරස්ථානය, කුරුඳුගොල්ල විහාරස්ථානය, උඩපේරුව භාවනා මධ්යස්ථානය, දික්අරාව මෙහෙනියාරාමය, මැදපේරුව මුස්ලිම් පල්ලිය ඇතුළු පොදු ස්ථාන ගණනාවක ගොඩනැගිලි  පුපුරා විනාශවී ඇත.

එමෙන්ම ජලය නොමැතිකමින් ඉඩම් අක්කර දහස් ගණනක වගා කටයුතු අතහැර දැමීමට ගොවීන්ට සිදුව ඇත. මේ අතර කුඩා තේවතු හිමියන්, ව්‍යාපාරිකයන්, ස්වයංරැකියාලාභීන් විශාල ප්‍රමාණයක්ද සිටී.

බණ්ඩාරවෙල නගරයේ දම්රෝ ගොඩනැගිල්ල, කුමාරි ගොඩනැගිල්ල සහ අලුතෙන් ඉදිකරමින් පවතින මහල් හතකින් යුත් ගොඩනැගිල්ල ආශ්‍රිත කලාපය දැඩි ගිලාබැසීම්වලට ලක් වී තිබේ. ඉදිරියේදි දැවැන්ත ගිලා බැසීමක ලකුණු දැනටමත් මෙම ප‍්‍රදේශයේ පෙනෙන්නට ඇත. බණ්ඩාරව, උඩ පේරුව, පහළ පෙරුව, මැද පේරුව, අම්පිටිය, පල්ලේපේරුව, කරගහවෙල බොරලන්ද, රජ කොටුව, පුහුල්පොල දික්පිටිය, ඉහළකොටවර පහළ කොටවර, මඩුවේගෙදර, අඔෙදණ්ඩාගම, අභයපුර කන්දේකැටිය ජනතාවට බීමට දිය පොදක් නොමැති තරමට ලිං සිදී ගොස්ය. දැනට මෙම ප‍්‍රදේශ වලට වතුර ලීටර් 180000 දිනකට සපයනු ලබන්නේ  බණ්ඩාරවෙල ප‍්‍රදේශිය ලේඛමි කාර්යාලය මැදිහත් වීමෙනි. යහමින් ජලය තිබූ මධ්‍යම කදුකරයේ දැනට දැවැන්ත ජල හිගයක් උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය විසින් අත්පත් කර දී ඇත.

වැනසූ කදුකරයේ ජල නිධිය

ෆරාබ් නමැති ඉරාන සමාගම විසින් උමා ඔයේ කැණිම කිරීම හා භූ ගත ජල නලය කණින විට විටින් විට සිදු වූ ජල කාන්දුවීම් නිසා මධ්‍යම කදුකරයේ ජල උල්පත් දහස් ගණනක් මේ වන විට සිදී ගොස් අවසන්ය.

 පසුගිය වසරේ හා මේ වසරේ උමග කැනීම් අතර තුර මෙරට ජනතාවගේ ජල අවශයතිව සපුරා ලීමට හා ගහ කොළ සතා සිවිපාවගේ ප‍්‍රයේජනයට ගැනීමට තිබු ජල ලීටර් කෝටි ගණනක් අපතේ ගියේය. උමග විදින විට මෙම ජල උල්පත් හා භූ ගත ජල තැටි හමුවන බව එම සමාගම දැන සිටිය යුතුය. එයට හේතුව උමග කණන මාර්ගය සමිබන්ධව ඔහුන් දැන සිටිම හා අධ්‍යයන වාර්ථා මගින් එය පෙන්වා දීමය. නමුත් මෙරට ජල සම්පත පිළිබද තුටිටුවකට ගනන් නොගත් මෙරට පරිසර අධිකාරිය හා අනෙක් ආයතනත් මැති ඇමති වරුත් කොමිස් කුටිටි ගලවා ගැනීමට මධ්‍යම කදුකරයේ ජල උල්පත් හා භූ ගත ජලය විනාශ කිරීමට ඉහත කී ඉරාන සමාගමට අවසර දෙන ලදී.

මෙකි අවසරයෙන් සිද දමන ලද මධ්‍යම කදුකරයේ ජල උල්පත් ජලය සැපයූවේ බණ්ඩාරවෙල හා අවට ප‍්‍රදේශ වලට පමනක් නෙව, මධ්‍යම කදුකරයේන රූරා ගලන ගංගා එකසිය තුනට හා දියකදුරු දහස් ගණනකටය.

ඉහත රූප සටහනෙන් පෙන්වා දී ඇත්තේ භූ ගත ජල තැටි පවතින අකාරයයි. වැස්ස නිසා වැටෙන ජලය පස තුල ඇති කුහර තුලට හා මව් පාෂාණය හා මතුපිට පාෂාණය අතරත් මව් පාෂණය තුලත් ගබඩා වේ.  මෙසේ ගබඩා ව ඇති ජලය පහළ ස්ථානවලින් උල්පත් ලෙස ගංගා ඇල දොළවලටත් ලිං වලටත් එක් වේ. ජල ගබඩාවන් හරහා උමං හාරන විට ජල ගබඩාව සිදුරු වේ. එහි ඇති ජලය සියල්ල උමං මාර්ග දිගේ ගලායන අතර උමාඔය ව්‍යාපෘතියේ කැණිමි තුලින් සිදු වූයේ මෙයයි.

ස්වභාවයෙන්ම මධ්‍යම කදුකරය සිදුකරන්නේ වැසන් වැටෙන ජලය ජල ගබඩාවක් ලෙස ආරක්ෂා කර තබාගෙන වැසි නොමැති කාලවල එය ගංගා තුලට නිදහස් කිරීමයි. එලෙස නිදහස් කිරීමට තිබූ ජල ගබඩාවලින් සැළකිය යුතු ප‍්‍රමාණය දැනට සිදුවන ජල කාන්දු නිසාත් සමස්ථ උමා ඔය ව්‍යාපෘතිය නිසාත් සිදුවිය. උමා ඔය ව්‍යාපෘතිය සමග පැන නැගී ජල හිගය පළමුව බණ්ඩාරවෙලට බලපෑවද දෙවනුව හා තෙවනුව සමස්ථ රටටම බලපානු ලබයි. මෙය බණ්ඩාර වෙල මිනිසුන්ගේ ප‍්‍රශ්නයක් පමණක් නොව රටෙි සෑමගේම ප‍්‍රශ්නයකි වෙනස ඇතතේ ප‍්‍රදේශයෙන් පිට සිටින අයට තවම මෙය නොදැනීමයි.

මීරියබැද්ද හා තවත් නායයාම්

විශේෂයෙන්ම මීරියබැද්ද නායයෑමටද උමා ඔය ව්‍යාපෘතිය විසින් මධ්‍යම කඳුකරය මතින් සිදුකරගෙන යනු ලබන ක්‍රියාකාරකම් මත ඇතිවූ විනාශයන් හේතු වී ඇත. එයට හොඳම උදාහරණය වන්නේ ඩයබරා  සිට රාවණා ඇල්ලට මදක් පහලට වනතුරු කිලෝ මීටර 23 ක් අභ්‍යන්තරයට විහිදී යන සේ උමඟක් මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් හාරමින් තිබීමයි.

මාතැටිල්ල ඔය අසලින් ආරම්භ වී රාවණා ඇල්ලට පහළින් මතු වන කිලෝමීටර් 23 දිග උමං මාර්ගය සැකසීම සඳහා මෙරට  උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ වු ඉංජිනේරුවන් විසින් ග‍්‍රිල් ඇන්ඞ් බලාස්ට් ක‍්‍රමවේදය (grille and blast ) හා ග‍්‍රිරිලින් (ටriling )ක‍්‍රමවේදය යොදාගෙන ඇත. කුමන ක‍්‍රමවේදයක් යොදාගත්ත ද අඩු වැඩි වශයෙන් දෙදරීම් සිදුවේ. මෙලෙස කදුවල සිදුවන දෙදිරීම් නායයෑම් වලට මූලික හේතුවක් වන අතර ලෙව පුරා එවන් අත්දැකීමි විශාල වශයේන් ඇත.

කෙසේවෙතත් උමා ඔය ව්‍යාපෘතියේ උමග කැනීම ආරම්භ වූ දා පටන් ඩයබරා, මාතැටිල්ල ඔය ඉවුරු හා ඒ ආසන්න ප‍්‍රදේශ විශාල වශයෙන් නායයෑම ආරම්භ විය. එම නායයාම් තව දුරටත් තීව්‍ර කරමින් බණ්ඩාරවෙල අාශ‍්‍රීත ප‍්‍රදේශය මේ වන විට කුඩා නායයාම්වලට ලක්වෙිමින් ඇත. එනිසා තව වසර කිහිපයක් ඇතුලත බණ්ඩාරවෙල අාශ‍්‍රීත ප‍්‍රදේශ ගණනාවක් නාය ගෙස් මිනිස් ජීවීත විනාශවීම වලකාලිය නොහැක.

19 වන සියවස මුල් මුල්භාගයේ කළ මෙවන් ව්‍යාපෘතීන් නිසා ප‍්‍රංශයේ නැගෙනහිර ප‍්‍රදේශයේ නායයෑමෙන් මිනිසුන් 450 ට වැඩි ප‍්‍රමාණයක් ජීවිතක්‍ෂයට පත් වු අතර ගම්මාන ගණනාවක් විනාශ වී ගියේ ය. 20 වන සියවසේ මුල් භාගයේ ඉතාලියේ වාජෝන් ගම්මානයට ආසන්නව සිදුකරමින් තිබුණු උමං හෑරීම සහ ජලාශ‍ ඉදිකිරීම නිසා නායයෑමෙන් 2500 ට වැඩි පිරිසක් මිය ගියහ. එසේම පැනමා ඇළ කැනීමේ දී ඒ අවට කදුපන්ති හැටහය වතාවක් නායගොස් ඇති අතර පරිසර පද්ධතිය තුළින් උමං මාර්ග හෑරීමේ දී හා ජලාශ ඉදිකිරීමේ දී ලොවපුරා මෙලෙස විශාල වශයෙන් නායයෑම් සිදු වී ඇත.

උමා ඔයෙන් ලාභ ඉපදවීම

ෆරාබ් සමාගම ඉරානයේ විනාශකාරී ව්‍යාපෘති සිදු කල සමාගමකි. ජලය හා බලශක්තිය සමිබන්ධව සිය ව්‍යාපෘති දියත් කරන මෙම සමාගම සිය ව්‍යාපෘති ලෝකයේ රක්ෂණ සමාගමිවල රක්ෂණය කර ඇත. එමෙන්ම ෆරාබ්  සමාගමට අයිතිවාසිකමි කියන ඉරානයේ තෙහෙරාන් නුවර පිහිටි ෆරාබ්  රක්ෂණ සමාගමක් ඇත. ලොව පුරා උමා ඔය වැනි ව්‍යාපෘති සියල්ල Insurenc Exper Farab රක්ෂණය කර ඇති අතර එම රක්ෂණ සමාගම වෙනත් රක්ෂණ සමාගමම්වල නැවත රක්ෂණය කර ඇත. උමා ඔය ව්‍යාපෘතිය නිසා හානි සිදුවන සෑම මෙහොතක ව්‍යාපෘතියට සිදු වූ හානිය වෙනුවෙන ඔහුන් දිගින දිගටම මෙවැනි ව්‍යාපෘතිවලින් වන්දි ලබාගනු ලබයි. එම නිසා ලංකාවට සිය පරිසරයත්, ජනයාට සිය දිවියත් අහිමිවන වාරයතක පාසා තෙහෙරාන් නුවර සාහිද් සාමති අංක 41 පිහිටි ව්‍යාපාරක ස්ථානයට මුදල් ගලා එන අතර එයන් කෙටසක් ලංකාවෙි පාලකයන්ට මෙම විනාශය යට ගැසීමට කොමිස් ලෙස ගෙවනු ලබයි .

ලංකාවේ ව්‍යවස්ථාවට අනුවත් පරිසරය ආරක්ෂා කිරීමට රටක් ලෙස රජය බැදී සිටනමුත් සිදුවන්නේ තවකෛකුගේ ලාභය පදනම් කරගන සියල්ල විකිණීමයි. උමා ඔය ව්‍යාපෘතිය මෙරට අසාර්ථකම ව්‍යාපෘතියකි. නමුත් තව දුරටත් පරිසරය හා ජන ජීවිතය විනාශ කරමින් එය ඉදිරියට ඇදි යාමට ආණ්ඩුව උපකාර කරමින් සිටි. සියලු පරිසර නිතී මෙහිදී උල්ලංඝනය කැර ඇති අතර දණ්ඩ නීති සංග‍්‍රහය අනුව පරිසර යට හානි කිරීම අපරාධයකි. නමුත් අපරාධ කරන්නේ පාලකයන්ය . සාමාන්‍ය මිනිසුන් ඒවාට වන්දි ගෙවමින් සිටිති. තෙරුම් ගත යුතු ඇතතක් ඇත. මේ සියල්ල පරාජය කිරීමට නම් අප එකා මෙන් එක් විය යුතු බවය.

රවින්ද්‍ර කාරියවසම් – පරිසර හා සොබාදහම් අධ්‍යයන කේන්ද්‍රය

Leave a Reply