ශ්‍රී ලංකාවේ පුද්ගලයින් සෑම දස දෙනෙකුගෙන් එක් අයෙකු මානසික රෝගවලින් පෙළෙන බවට අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
ජාතික මානසික රෝග විද්‍යායතනයේ වාර්තාවලට අනුව මේ බව අනාවරණය වී ඇතැයි පැවසු ඇමතිවරයා තවමත් ඒ අතරින් ප්‍රතිකාර සඳහා යොමුවන්නේ සියයට 20ක පමණ පිරිසක් බවද පැවසීය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියදිවි නසාගැනීම් පිළිබඳ නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව එහි සිව්වන ස්ථානයේ පසුවන බවයි.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 50ක් මධ්‍යසාර භාවිත කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය. මෙසේ මානසික රෝග, සියදිවි නසා ගැනීම් සහ මත්ද්‍රව්‍ය භාවිතය ඉහල යාමට හේතුව ආර්ථික, සමාජමය සහ දේශපාලනමය හේතු විසින් ඇති කරනු ලබන ආතති සහගත තත්වය බව විශේෂඥ මතයයි.