එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ලෙස කටයුතු කරන සුසිල් ප්‍රේම් ජයන්ත්ගේ මූලිකත්වයෙන් සකස් කළ නාමයෝජනාවල අවසන් ලැයිස්තු ඊයේ රාත්‍රී ජනාධිපතිවරයා අතට පත්කර ඇත.
මේ වනවිට ජනාධිපතිවරයා අතට ලැබී ඇති එක්සත් ජනතා නිදහස් සංධාන නාමයෝජනා ලැයිස්තු ගැන අවසන් එකගතාවය ලබාදීමට පෙර එම නාමයෝජනා පිළිබදව ජනාධිපතිවරයාගේ හා ඔහුගේ සීමීපතමයින්ගේ දැඩි අවධානයට යොමුව ඇතැයි වාර්තාවේ.
අද දින ජනාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණයෙන් පසු අවසන් නාමයෝජනා අදාල දිස්ත්‍රික්වල කණ්ඩායම් නායකයන්ගේ ප්‍රධානත්වයෙන් අත්සන් ලබාගෙන සිකුරාදා දින සිට තේරීම්භාර නිළධාරීන්වෙත භාරදීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
කෙසේ වෙතත් මහත් අන්දෝලනයට ලක්ව ඇති හිටපු ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබා දෙන්නේද නැද්ද යන්න ගැන අවසන් තීරණය අද ගැනීමට නියමිත බව වාර්තාවේ.
මහින්ද පාර්ශවයේ ආරංචි මාර්ග පවසන්නේ මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වනු ඇති බවයි. එහෙත් එක්සත් ජනතා නිදහස් සංධානයේ හා ශ්‍රීලනිපයේ ප්‍රබලයන් පිරිසක් මෙම යොජනාවට විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.
මේ හේතුවෙන් මෛත්‍රීපාල ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු පාර්ශ්වයේ අදහසවී ඇත්තේ මහින්ද මැතිවරණයට ඉදිරිපත්ව වනවානම් ඔහු තරග කළ යුත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බවත්.
ඒ වගේම අගමැති අපේක්ෂකත්වයද මහින්දට නොදියු යුතු බවත් එය විවෘතව තැබිය යුතු බවත් ඊට අමතරව මැතිවරණය මෙහෙයවීමේ නායකත්වය මහින්දට දෙන ලෙස කෙරෙන යෝජනාවද ඉවත දැමියයුතු බවත් ඔවුන් දැඩිව අවධාරණය කර තිබේ.
මෙම පීඩනය හමුවේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදුන්නත් එය යම් යම් කොන්දේශි වලට එකගව පමණක් ලබාදීමට කටයුතු කරනු ඇති තත්වයක් මේවන විට නිර්මාණය වී ඇති අතර මහින්ද රජපක්ෂට නාමයෝජනා නොදී සිටීමේ තත්වයක් දක්වා එය අද දිනය තුල වර්ධනයවීමට පවා ඉඩ ඇතැයි වාර්තාවේ.