මධ්‍යම රුසියාවේ ඌෆා නගරයේ හෙට (8) දින ආරම්භවීමට නියමිත 07 වන බ්‍රිර්ක්ස් සමුලුව සදහා එම සංගමයට අයත් රටවල රාජ්‍ය නායකයින් පැමිණීමට නියමිත බව වාර්තාවේ.
චීන ජනාධිපතිවරයාගේ පැමිණීම ගැන සදහන් කරන එරට විදේශ ඇමැති චෙන්ගෝ පිං පවසා ඇත්තේ හෙට ආරම්භ වන සමුළුවට චීන ජනාධිපතිවරයා සහභාගීවන බව දන්වා සිටි අතර, එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙවර සමුළුවේ මූලික කරුණු කිහිපයක් වෙත අවධානය යොමුව තිබෙන බවයි.
එනම් සිය සාමාජික රටවල සහයෝගීත්වය තවදුරටත් ශක්තිමිත් කිරීමත්. එම සංගමයේ දීර්ඝකාලීන ඉලක්කය වෙත සාමාජික රටවල් ළගාවන්නේ කෙසේද යන්නත්, මෙවර සමුළුවේ වැඩි අවධානය යොමුව ඇති බවයි.
බ්‍රිර්ක්ස් සමුළුවේ සාමාජිකයින් ලෙස බ්‍රසීලය, රුසියාව. ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව යන රටවල් අයත්වේ.