පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර කුළුගෙඩිය ලකුණෙන්

KULUGEDIYA

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර මහ මැතිවරණය සදහා කුළුගෙඩිය ලකුණෙන් තරග කරන බවත්, හෙට දින සිට තම පක්ෂයේ නාමයෝජනා භාරදීමේ කටයුතු රටපුරා ආරම්භ කරන බව, එම පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

සිය පක්ෂයේ නාමයෝජනා සියල්ල මේවන විට සකස්කොට අවසන් කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්වේ.

එම නිවේදනයට අනුව ජුලි 09 එනම් හෙට උදේ 9.00ට ගාල්ල හා කෑගල්ල යන දිස්ත්‍රික්කයන් දෙක සදහා සිය නාම යෝජනා භාරදීමෙන් තම නාම යෝජනා භාරදීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවයි.

ඉන් පසුව මාතලේ, රත්නපුර, බදුල්ල, පුත්තලම, කුරුණෑගල, මාතර, පොලොන්නරුව, අනුරාධපුරය, ත්‍රීකුණාමලය, මහනුවර, කළුතර, ගම්පහ, දිගාමඩුල්ල, හම්බන්තොට, මොණරාගල, මඩකලපුව, යාපනය, වන්නි සහ නුවරඑලිය යන දිස්ත්‍රිවල නාම යොජනා ජූලි10 දින භාර දීමට නියමිතව ඇති බවත් එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සදහන්වේ.